Pages

Sandumal

Sandumal

Thursday, October 22, 2015

•ගුරු පියසටහන් 01


"දුන්නේ මටද ගුරු දිවියේ මුල් මතකයි
පෙරලූයේ නුඹද නුඹෙ දිවියේ නව පිටුවයි.."




ඇට්ටර දඟකාරයෝ උඹ පංතියෙ දඟ කෙරුව..
මා දුන් පැවරුම් කිසිවක් නොකල සඳ..
නුඹෙ සඟයන් හටත් නුඹ කරදර කරන විට..
දෙන්නට දඬුවමක් නුඹ හට සිතුනි මට...

දූවිලි වැකුණු දාඩිය කුණු සුදු ඇඳුම..
නලලට වැටුණු කෙස් රොද නුඹෙ දඟකාර..
කොච්චර දඟ වුනත් හසරැලි නුඹෙ මූණ
බලමින් නුඹට දෙන්නට බැහැ ගුටි සැරය..

දඟ උඹ නොවෙයි උඹ අතවූ බෝතලයයි..
හිතුනේ එහෙම තරහව මට ඒ සමඟයි..
දඟවූ බෝතලය හට දුන්නද විසිකොට දඬුවම්..
සිතුවේ කවුද බිඳෙතැයි එය අසුරු සැණින්..

දුන්නේ නුඹට මුදලක් එය අරගන්න
නුසුදුසු නිසයි දෙන්නට දඬුවම් නුඹෙ වරදට
දෙගුරුන්ට..
නුඹ යලි පැමිණ මගෙ පා යුග වඳින විට..
දුටුවෙමි කඳුලු බිඳුවක් නුඹෙ නෙතක අග...

නුඹෙ ඇස් කීවෙ මට නුඹ පසුතැවෙන බවයි
දිදුලන දෙනෙත් තුල වූයේ තිරදිටනයි..
දුන්නේ මටද ගුරු දිවියේ මුල් මතකයි
පෙරලූයේ නුඹද නුඹෙ දිවියේ නව පිටුවයි..

44 comments:

  1. උඹ මේ සිසු දරුවන්ගෙ ජීවිත වගේම ගුරු වෘත්තියත් ආලෝකමත් කරන බව මට විශ්වාසයි.උඹ වගෙ සංවේදී මානව දයාවෙන් යුත් ගුරු පියවරුන් ගුරු මවුවරුන්ගෙ ගුරු ලෝකය සමන්විත වුනානම් අපේ සමාජය මොන තරම් වාසනාවන්තද . උඹව ඕනවට වඩා වර්නනා කරනව නෙමේ. මට මෙහෙම හිතනව.

    පුරන් අප්පු කිව්ව . මං වගෙ තව හයදෙනෙක් සිටියනම් සුද්දන්ව කන්දෙන් එලවනව කියල. මම මෙහෙම කියනව. එක ඉස්කෝලෙකට මනෝශ් වගෙ ගුරු වරු එක්කෙනෙක් වත් බැගින් සිටියනම් අපේ රටේ දූදරුවන්ගෙ අනාගතය මල් පිපෙනව කියල. තිරුවාන ගල් පර්වතයකට එක නිල් මැනිකක් තිබ්බත් එළිය විහිදුවනව .ඒ හොදටම ඇති.

    උඹේ ඔය මනුස්සකම්, වාමාංශික නැඹුරුව එහෙමම පවත්වගන යමන්. අපේ නිර්ධන පන්තියෙ දරුවන්ගෙ ඇස් පාදපන්. උඹට පුලුවන්නම් හරියට රාජකාරිය නොකරන, සිසු දරුවන්ට වධ දීල පරපීඩක ආතල් ගන්න ගුරු ප්‍රතිරූපකයන්වත් යහමගට ගනින්.

    උඹට ජය

    ReplyDelete
    Replies
    1. ආන්න යකා..රෙෂ්පට් කතාව !!

      Delete
    2. මධ්‍යස්ථේ... ඒකනම් මට දීපු සම්මානයක් වගේ.මගේ ගුරු ජීවිතේදි මේ කමෙන්ට් එකේ තියෙන හැම අකුරුකටම මට හැකි උපරිමයෙන් මං සාධාරණයක් ඉෂ්ටකරනවා.ඒ වගේම මේ කමෙන්ට් එකේ ගෞරවය, උඹල හැමෝම මං ගැන තියන් ඉන්න විස්වාසෙ ආරක්ෂා කරනවා. බොහෝම ස්තූතියි මචෝ..

      Delete
    3. පත්තරේ, සිංදු, මෙන්ඩෝ... උඹලට අනේක වාරයක් ස්තුතියි මචංලා..

      Delete
    4. පත්තරේ, සිංදු, මෙන්ඩෝ... උඹලට අනේක වාරයක් ස්තුතියි මචංලා..

      Delete
    5. මුටත් ලෙඩේ බෝවෙලා ....කම්මලයා හැමතැනටම වැඩේ දීලා වාගේ ..වසංගත රෝග ඒකකයට දැන්ම දන්වන්න වෙයි ...හැක්

      Delete
    6. අනේ බං මේ ඇන්ඩ්‍රොයිඩ් රෙද්දවල් වලින් කමෙන්ට් එකරද්දි තමා ඔය මඟුල වෙන්නෙ.එපාවෙනව බං.

      Delete
  2. ගුරු වෘත්තියෙන් ඉවත් වෙලා කාලයක් ගියාට පස්සේ මට හිතුන දෙයක් තමා, ඇත්තටම මම ඉගැන්නුවද කියන එක. නමුත් කසාදත් බැඳලා ළමයි වඩාගත්ත අය, ආදී ශිෂ්‍ය දිනයේදී, මට දන ගහලා වැඳලා, 'ඒ කාලේ සර් කියපුව සම්පූර්ණ ඇත්ත. ඒවා අද අපි අපේ ළමයින්ටත් කියනවා' කිව්වම, මට හිතෙනවා, 'එහෙනම් මම මොනවහරි උගන්නලා තියනවා' කියලා.

    ReplyDelete
    Replies
    1. මේ විචරක ඔහෙගෙන් ඉගෙන ගත්ත එවුන් අබ සරණ යනවුන් ද? ගියවුන්ද ?

      Delete
    2. විචාරක කියලාවත් හරියට ලියාගන්න බැරි, තමා වැනි, ඉස්කෝලෙන් විසික් වෙච්ච එවුන් ගැන, කුමන කතාද?

      Delete
    3. අන්න ඒකතමයි විචාරකතුමනි, ගුරුවරයෙක් ලබන ඉහලම සම්මානය. ඒක ලැබෙනවානම් වෙන මොකුත් ඕනි නෑ,ඒ වගේම ඒ ගෞරවය තමන්ට නෙලාගන්න බැරිනම් වෙන මොනා තිබුනත් වැඩක් නෑ.

      Delete
  3. හැදි නොගා හදන හොද්ද රහ නෑ කියනවා මනෝෂ්............. උඹ නියම ගුරුවරයෙක් වෙනවා විශ්වාසයි....... ඔය පන්තියේ ඉන්න මට වාසනාව නැතිවුණානේ......

    ReplyDelete
    Replies
    1. ඒක ඇත්ත කුරුටු, ගුරුවරයෙක් අවශ්‍ය තැනදි ගලක්වගේ දැඩි වෙන්නත් අවශ්‍ය තැනදි වෙඬරු පිඬක් වගේ මෘදු වෙන්නත් ඕනි.

      උඹලගෙන් මට මේ ලැබෙන අගයන් මගේ ගමනට මහා හයියක් බං.

      Delete
  4. නියමයි....... ගුරුවරු නිසා ළමයි ඉගෙනගන්නවා......... ළමයින්ගෙනුත් ගුරුවරු ඉගෙනගන්නවා............. වැඩේ හරියට උනාම ජීවිත දෙකක වෙනසක් වෙනවා.............

    ReplyDelete
    Replies
    1. අන්න හරි.ඔය දෙගොල්ලම එකිනෙකාගෙන් ඉගෙනගන්නවා. ඒ සම්බන්ධතාවය ශක්තිමත් උනාම සාර්ථක උනාම,විශ්වාසවන්ත උනාම ජිවිත ගමන හරිම සාර්ථකයි දෙගොල්ලන්ගෙම.

      Delete
  5. Replies
    1. උපරිම උත්සාහය දරනවා අයියන්ඩී..

      Delete
  6. ළමයෙක් අසාමාන්‍ය විදිහට අවටියල් වැඩ කරනවානම් මුලින්ම ඒ පසුබිම හදලා ඇත්තෙ දෙමාපියො. ඊට අමතරව ගුරුවරු, යාළුවො, අසල්වැසියො, සමස්ථ සමාජය වගකියන්න ඕනි. ළමයෙකුට දඬුවමක් කරද්දි (මගේ දරුවන්ට) මම නිතරම බලන්නෙ එයාලා වැඩියම කැමති දෙයක් එයාලගෙන් ඉවත් කරන එක තමයි. එහෙම නැත්නම් ළමයි එක්ක ඩීල් එකක් ගහනවා, එයාලා කරන වැරදි දෙයක් නැවැත්තුවොත් මම එයාලට වටින යමක් දෙන බවට.
    උඹ මේ ළමයාට දීලා තියෙන්නෙත් ඊට සමාන දඬුවමක්. අනෙක් අතට උඹ ඒ ගැන තැවෙන හැටි දැනෙන්න ලියලා තියෙනවා. උඹේ සිතිවිලි වල ගැඹුර මට දැනිලා තියෙනවා. උඹ ඇතුලෙ ඉන්න සංවේදී මිනිසා මට පෙනිලා තියෙනවා. ඒ මිනිසාව ළමයි ඉස්සරහට යවපං හැමදාම. ඕනිම නාලාගිරියෙක් උඹට දමනය කරගන්න පුළුවන් වෙයි. ඒ අතරෙම උඹට අනන්‍ය උඹේ පෞර්ෂය ළමයි ඉස්සරහා බිඳගන්න එපා.

    කවිවල මාත්‍රා ගාණ ගැනලා පොඩ්ඩක් ඇජස්ට් කරන්න ඕනි වගේ දැනුන්නැද්ද?
    අනික් කාරණය, උඹට බ්ලොග් එකක් තියෙනවා. ඒක අමතකම කරලා දාන්න එපා. සතියකට දවසක්වත් රවුමක් ගහපං. උඹ නැතිව මේ අවකාශයෙ හිස්තැනක් තියෙන බව දැනෙනවා.

    ReplyDelete
    Replies
    1. ළමයි ගැන උඹේ දෘෂ්ටිය හරියටම හරි බව දෙනෙනවා මචෝ.. අර ඩීල් කතාව හරියටම හරි. අද මට දෙනෙනවා මගේ ජීවිතේ මගේ නොදැනුවත්කමට මං අහිමි කරගත්ත ජයග්‍රහණ කිහිපය මට ලබාගන්න තිබුනා මගේ අම්මයි තාත්තයි ඒ තැන් වලදි මගේ ගොං කංවලට සාම්ප්‍රදායික විදියට ප්‍රතිචාර නොදැක්වුවනම්. ලමයින්ගෙ මනස හරිම සංකීර්ණයි. ඒ මනසට ප්‍රතිකාර කරනකොට ඒක බොහෝමත්ම සියුම් වෙන්න වෙනවා. හරිම උපක්‍රමශීලි වෙන්න වෙනවා. එයාල හරිම සංකීර්ණ අය. එක එක්කෙනාට සලකන්න ඕනි විදිය,උපක්‍ර්ම බොහෝම වෙනස් එක එක්කෙනා වෙනුවෙන්.

      මගේ ගුරු ජීවිතේදි මැරෙනකල්ම මගේ හීනෙත් උඹ ඔය කිව්ව පාරදිගේම යන එකයි මචෝ. මට කවදාවත් ඕනි නෑ මහා ලොකු ඉස්කෝල,ලොකු පොරවල්,ඉහල සමාජෙ,පුද්ගලිකව මගේ උසස්වීම්, සාමාන්‍ය ගුරුවරු ආසකරන කිසිම දෙයක් මගේ හීනවල නෑ බං.මගේ ගමේ තියෙනවා ඉස්කෝල කවදාවත් සුද්දගෙ බාසාවට එක S එකක්වත් අරන් නැති ලමයි ඉන්න. ඉංගිරිස් විතරක් නෙවෙයි, අනිත් හැමදේමත්,ජීවිතෙත් ඒ ලමයිට උගන්නලා ඒ ළමයිනුත් මේ ලෝකෙට එකතුකරන්න මට තියෙනවා බං හීනයක්. එතෙන්ට යබ ගමනෙදි උඹලගෙ මේ සහයෝගය මට මහමෙරක් තරම් බං. ඒක නිතර ලබන්න මට පින මදි,මේකට එන්න අවකාශ හුඟක් අඩු නිසා.

      Delete
    2. කවියෙ තාලෙ, මාත්‍රා වල අවුලක් නම් මටත් දැනුන මචෝ.. ඒත් ඒක හදාගන්න මට තේරෙන්නෙත් නෑ බං. අදහස කියාගන්නත් ඕනි.

      Delete
  7. ඇති යාන්තං මෙහෙමවත් මතක් උනා බෝගක් තියනවා කියලා ...කමක් නැ මෙහෙම හරි ඉන්නවා කියලා දන්නවානේ ...
    ජයවේවා මචෝ ....

    දහසක් ඉපදී මිය යන පොළොවේ 
    මමත් මියෙන්නට උපන් කෙනෙක් වෙමි 
    මා මළ බව මුළු රටට දැනෙන ලෙස 
    මිය යන්නට මම පෙරුම් පුරන්නෙමි

    ගස් ගල් ඇතිවී නැතිවී යන සඳ 
    වන මැද දියවැල් මතුවී වීයැළේ 
    එවන් ගසක් දිය දහරක් වන්නද 
    මවකගෙ කුස තුළ මා පිළිසිඳුනේ 

    මගේ මුවින් එන වදන් වැලක් තුළ 
    අනාගතේ සුබ සිහින රැඳේවා .... 
    මගේ සුසුම් වැල් සුළඟට මුසුවී 
    උදාර ජීවන සුවඳ දැනේවා....

    පද රචනය - මහාචාර්ය සුනිල් ආරියරත්න 
    තනුව හා ගායනය - විශාරද නන්දා මාලිනි

    ReplyDelete
    Replies
    1. ඔන්න ඔය දර්ශනේ අපිත් තව ඉගෙනගන්න ඕනි අයියන්ඩී.. හැමෝම ඔහොම හිතුවනම්...

      Delete
  8. මනොව සෑහෙන්න දවසකින් ඉදල හිටල හරි මේ වගේ ලියපං.. උමගෙ වචන තමා මචං වචන ඒව නැතිව පාළුයි වගේ..
    අපූරු අත්දැකීමක් කියන්න බැරි වුණත් උඹ ඒකට ප්‍රතික්‍රියා දක්වල තියෙන හැටි නං අපූරුයි.. ඇත්තටම ගුරුවරය තුළ ඉන්න අපූරු මනුස්සය නැති කරන්නෙ ගුරු හොරු. උඹ ඒක දැකල ඇති. වැඩි දුර දිග බැලිල්ලක් නැති අර වගේ ගුරුවරු කියල හැම දේම අහන ළමයිනුත් අර ගුරුවරු කියන දේ අහල අර සුන්දර මනුස්සය විනාශ කරනව. මචං කවදාවත් උඹ ඇතුලෙ ඉන්න එකාව නැති කර ගන්න එකා. උ් තමා උඹේ ට්‍රේඩ් මාර්ක් එක(ඇත්තටම හරි වචනෙ නොවුණත්- උඹ ඒක හොයාගන්)..
    අගෙයි කවිය මචං... මදාවිය යටිං කිව්ව දේ ගැන ටිකක් හිතහං
    ජයවේවා

    ReplyDelete
    Replies
    1. උඹල හැමෝම මාව අගයකරනවා.මං තුල ඉන්න මංවත් අඳුනගෙන නැති එකා උඹල අඳුනගෙන ඉන්නවා. ඉතින් උඹලගේ මේ වචන මට මහ හයියක්. මට ඕනි මගේ උපරිම ශක්තියෙන් ඒ වචන වලට සාධාරණයක් ඉෂ්ටකරන්න.

      උඹල හැමෝම මට කියන අනිත් කතාව මේකෙ නිතර රැඳියන් කියන එක.ඒකට මට තියෙන්නෙත් අප්‍ර්මාණ ආසවක් මචං. ඒත් මං ඉන්න තත්වෙ අනුව මට ඒක ටිකක් අමාරුයි. එත් මං මගේ උපරිමය ට්‍රයි කරනවා සහෝ...

      Delete
  9. අන්න අන්න.. ලමය එක්ක ඒම කෝපයෙන් වැඩ කරනවා කියන්නේ කිසිම දෙයක් ඉගෙන ගෙන නෑ කියලයි.. බෝම සැර විත්තිය පෙන්නල උන්න නං අහවරයි.. කවි පද වල වචන එබීම් නං දුර්වලයි ලමයෝ

    ReplyDelete
    Replies
    1. මං හිතන්නෙ දේශකයෝ ඔයාට කයිය හරියට තේරිලා නෑ. මේකෙ ඇවිත්නම් ඉගෙනගන්න දෙයක් නෑ බං නිකං කාලෙ කනව මිසක්.

      Delete
  10. නියමයි.ඔයත් ගුරුවරයෙක්ද?මාගේ ෆීල්ඩ් එකේමනේ ..අදනේ මීටරේට වැටුනේ

    ReplyDelete
    Replies
    1. අහා.. මරුනේ. අඳුනගත්තෙක ලොකු දෙයක් මේ ෆීල්ඩ් එකේම ඉන්න බ්ලොග් ලියන කෙනෙක්. මං නම් තාම ට්‍රේනින්.

      Delete
  11. ඔය ළමයි එක්ක යාලුවෙන්න උත්සාහා කරන්න තියෙන්නේ.වේවැලට,කොටුවට වඩා වැඩියෙන් ළමයින්ට ලංවෙන්න එතකොට පුළුවන්.

    ReplyDelete
    Replies
    1. අනිවාරෙන් මචෝ.. ඒ යල් පිනූ වේවැල අදට ඔබින නෑ.

      Delete
  12. matath teaching awa yanawada kiyala me inne.

    ReplyDelete
    Replies
    1. රස්සාවෙ පට්ටමට වඩා අහිංසක දරුවන්ගෙ නෙත් පාදන්න හීනයක් තියේනම් යන්න අනිවාරෙන්.නිකංම රස්සාවක් නිසානම් එපා.

      Delete
  13. මධ්‍යස්ථ නියම කමෙන්ටුවක් දිලා මටත් කියන්න තියෙන්නෙ ඒ ටික..
    පුලුවන් හැම වෙලාවකම ලියපන්

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි මචෝ.. උඹල මට පාර කියනවා..

      Delete
  14. මොනවා කියන්නද හිතාගන්න බහ බන්, කොහොම හරි උඹ ළමයින්ට ජීවිතේ විදින්න පාර පෙන්නපන්, සතා සීපාවට ගහට කොළට ඇලක දොලක තියෙන රිද්මය උන්ට හදුන්වලා දීපන්, උඹට සුබ ගමන් යාලුවා.

    ReplyDelete
    Replies
    1. කාලෙකින් නේද මචෝ හම්බුනේ..

      මගෙත් හීනෙ ඒකම තමයි මචෝ... පොතෙ දැනුම විතරක් නෙවෙයි, ජීවිතේ උගන්නන්න.

      ස්තූතියි මචෝ...

      Delete
  15. බොහොම සුන්දර කවි පෙළක්. "ගුරුතුමකුගේ ඇසින්ම "

    ReplyDelete
    Replies
    1. කවදත් වගේ මේ දෙන හයියට බොහොම පිං අයියන්ඩී...

      Delete
  16. Replies
    1. ස්තූතියි අයියේ ආයෙමත්.

      Delete