Pages

Sandumal

Sandumal

Monday, June 29, 2015

•තනි තරුවේ

"ඈත අහසෙ පාලු කොනක
තනිව දිලෙන තනි තරුවේ..."



තනි තරුවේ...
තනි තරුවේ...
ඈත අහසෙ පාලු කොනක
තනිව දිලෙන තනි තරුවේ...
අන්සතු එලියෙන් බබලන
ලප කැළලින් අවලස්සන
චෞර රැජින සරා සඳට
නොදෙවෙනි මගෙ තනි තරුවේ...
ඔබෙ එලියෙන් දිදුලන
නෙත් සනහන රුවින් සපිරි
ආඩම්බර සඳට පවා
එළිය සදන තනි තරුවේ...
සඳක් වෙන්න හීන මවන
දහස් ගනන් තරු අතරේ
ජීවිතයේ බහ තේරුව
මහ පොලොවට පෙමින් බැඳුනු
අමරණීය තනි තරුවේ...

40 comments:

  1. මේ දවල් වල තනි තරුව ලියන්නෙ නැද්ද කොහෙද
    හැබැයි දැක්කො.ත් උඹට උත්තරයක් දීල යයි...
    හිහි හිටාං මං උූන්දැට ලිංක් එක යවල බලන්ට හික්ස්

    ReplyDelete
    Replies
    1. උඹ ඔය කියන්නෙ කවිකාරි ගැනද මචෝ?

      Delete
  2. බුදු අම්මෝ.. ඔබත් ඔහොම ඔතන ඉන්න.. මමත් මෙහෙම මෙතනම ඉන්නම්.. හැක් හැක්..

    ReplyDelete
    Replies
    1. බුදු අම්මෝ.. ඔබත් ඔහොම ඔතන ඉන්න.. මමත් මෙහෙම මෙතනම ඉන්නම්.. හැක් හැක්..
      ++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++xxxxx22222

      Delete
    2. "රෑ අහසේ
      තරු කැට පායා දිලුනා...
      මා තනි වී
      සිතිවිලි සයුරේ වෙලුනා..."

      Delete
    3. කල්‍යාණ.. මේ මොකද මේ??

      Delete
    4. සිංදුවෝ, උඹත් තරු දෙකෙන් වැඩිකරලා. මට තේරෙන්නැතුවා බොලවු...

      Delete

  3. එක දවසක් හැන්දෑවක
    කණාමැදිරි එළි පාරක
    මං හෙව්වා තරු කැටයක්
    මං හෙව්වා තරු කැටයක්
    නිල් පාටින් පායා දිලෙන
    නිල් පාටින් පායා දිලෙන

    සිහිනයක ගිලී මා සිටියා
    කවුරුදෝ විත් දොර බිදිනා විට
    සුළං පොදක් වත්
    ඇරුණු දොර පියනින් ආවා නම්
    සිහිනයේ සුව අරං
    නන්නාදුනා දෑසක්
    නිවී නිවී දිළිසුනා මොහොතක්

    සුහද ආරාධනාවක්
    අරන් ඈ ඇවිත් දොරකඩට
    පවන් පොදකටවත්
    ඉඩක් නෑ නොවෙද
    අවකාශයම වසාගෙන
    ඈ සිටිනා විට මා අසළ
    ඈ සිටිනා විට මා අසළ

    මා අසළ ලැගුම් ගනු පෙරතුව
    මා තුලට මොහොතකට එබුනා නම්
    පැහැදිලිව දකින්නට තිබුණා
    මා තුලම මා නොවන
    පිටස්තරයෙකු සිටිනා වග

    ඔබේ පෙම මා හටද
    මා නොවන ඒ අමුත්තා වෙතද
    ඔබේ පෙම මා හටද
    මා නොවන ඒ අමුත්තා වෙතද
    මා නොවන ඒ අමුත්තා වෙතද
    මා නොවන ඒ අමුත්තා වෙතද

    ගායනය - අතුල අධිකාරි
    සංගීතය - නවරත්න ගමගේ
    ගී පද - අශෝක හඳගම
    සින්තටික් සිහින ටෙලි නාට්‍යයෙන්

    ReplyDelete
    Replies
    1. නෑ..නෑ..නෑ.... එගෙම එකක් නෙවෙයි!!!

      Delete
    2. මම දන්නවා බන් උඹ අදහස් කල "තනි තරුව " මොකක්ද කියලා .....
      බූන්දියේ මෙහෙම තරුවක් ගැන තිබුනා ...

      රතු තරුවේ රතු තරුවේ
      ඔබත් ඔහොම 'ඔතැන' ඉන්න
      අපිත් මෙහෙම 'මෙතැන' ඉන්නවා

      එල්ලො බක්ක නැලවි නැලවි
      එකරු මක්ක කැරලි ගැහිලි
      ඔබෙන් ඉවත ඇදිලා වැනසී

      රතු තරුවේ රතු තරුවේ..

      එතුරො සක්ක ඇලවි ඇලවි
      පුබ්බ තිකත් ගැලවි ගැලවි
      කොතෙක් දුරක් යාවිද නොදනී

      රතු තරුවේ රතු තරුවේ..........

      http://www.boondi.lk/article.php?ArtID=1252

      Delete
  4. මේ කවිය අැතුලේ ලොකු කතාවක් තියනවා වගේ දැනෙනවා...
    උඔගේ ඡිවිතයට සම්බන්ද අත්දැකිමක්ද?

    ReplyDelete
    Replies
    1. මට මූව අහුඋනොත් මෙන්ඩො.... ගහනව දිඹුලාගල ගලේ...

      Delete
    2. මෙන්ඩෝ... උඹ කිව්ව කතාව හරි. ඒත් තොපි තේරුම් අරන් ඉන්නව වැරදියි. මට මගෙ කවිකාරි ගැන හුඟක් ආඩම්බරයි බොලවු.

      Delete
    3. ඒයි මද්දුවො, මං අහවල් වරදක් කොලාටද??

      Delete
    4. මධුව හරි..මමත් තේරැම් ගත්තෙ වැරදියට..

      Delete
  5. තනි තරු නං වැඩක් ම නෑ බං මේ කාලේ.

    ReplyDelete
    Replies
    1. අනේ පලයං බං. තනි තරු තමයි වටින්නෙම මේ කාලෙ!!

      Delete
    2. තැන්කු සින්දූ..

      Delete
    3. තරු මල් යායම
      පොඩිකර අහස් විලේ
      ඉර හඳ මිරිකා
      දියකර සාගරයේ
      අඳුරේ උන්නෙමි ලොවම එපා වී
      මා හැරදා ඈ ගිය දවසේ
      මා හැරදා ඈ ගිය දවසේ

      දුක පැවසූවෙමි අසනා කෙනෙක් නැතී
      පාළු නැසූවෙමි තනියට කෙනෙක් නැතී
      තැවුනේ දැවුනේ පිරිසිදු සිතකින්
      එකම ළඳක් වෙත පෙම් කල උමතුවෙනි

      තරු මල් යායම...

      නුවර උයන් මැද හමුවූ ළඳුන් නැතී
      යටැසින් බැලු නෙත් රහසින් කතා නැතී
      තැවුනේ දැවුනේ පිරිසිදු සිතකින්
      එකම ළඳක් වෙත පෙම් කල නිසාවෙනි

      තරු මල් යායම...

      ගායනය - ගුණදාස කපුගේ

      Delete
    4. මේ තමයි හොදම විරහා ගිතය..

      Delete
  6. ඔබත් ඔහොම ඔතන ඉන්න ..... මාත් මෙහෙම මෙතන ඉන්නවා......

    ReplyDelete
    Replies
    1. අන්න එහෙමයි සමහර තනි තරු.

      Delete
  7. ගුරුවරුන්ටත් විවේක නැත්නම් කාටද අප්පා විවේක? පොඩි පොඩි කවි ලියලා ෂේප් වෙන්නමයි බලන්නෙ නේද?
    උඹට හඳක් ලංවෙලා වගේ. කමක් නෑ තරුවම පතාගෙන හිටිං.

    ReplyDelete
    Replies
    1. හුහ්!! මෙහාට එනකල් මාත් එහෙම තමයි හිතාගෙන හිටියෙ දැන් බලන්බෙපැයි තියෙන වැඩ කන්දරාව.

      පිස්සුද යකෝ... තනියම රෑ අහස දිහා බලන් ඉන්නකොට පහල වෙච්ච සිතුවිල්ලක්. සමාජෙටයි, ආදරේටයි, ජීවිතේටයි ආදේශ කරල පොදුවේ ලිව්වෙ.

      Delete
  8. උඹ දැන් මේ පොඩි කෑලි දාලා අපිව රවට්ටන්න නේද එව්වා කොහෙද?

    ReplyDelete
    Replies
    1. කෝ බං මේකා?

      Delete
    2. මධුවෝ බලපන්කො ඉවාන් කියලා තියන කතාව ...පොඩි කෑලි දාලා අපිව රවට්ටන්න නේද ? .අනේ යකෝ මෙහෙම පොඩි කෑල්ලකින් හරි බෝගක් තියනවා කියලා මතක් වෙන එකත් මදෑ .උඹට ඉතින් බෝගක් නෑනේ නේද ඉවාන් පුතේ ....

      Delete
    3. ඉවානයෝ.. මං එහෙම හරි මේක ඇදන් යනව, උඹ??!!!!

      Delete
    4. මද්දුවෝ...

      මේං ආවා..

      Delete
    5. අන්නහරි සිංදුවෝ, කතාකරහං.

      Delete
    6. කෝ බලන්න පොඩි කෑලි කියපු ඉවානයාගේ කට?

      සින්දු
      නෑ ඌට එහම එකක් නෑ

      Delete
  9. අනේ මන්දා බං. වෙලාවකට අපිත් ඉතින් තනි තරුවක් තමයි..

    ReplyDelete
    Replies
    1. හ්ම්...හ්ම්.. ඉතින් හොඳයිනේ..

      Delete
  10. අඩෝ ඉතින් තනි තරු හොදයි නේ??
    මෙන්ටේන් කරන්ඩ ලේසියි නේද??

    ReplyDelete
  11. කවුද මන්දා කියලා තිබ්බා හඳ ආවට පස්සේ තරු අමතක වෙනවා කියලාත්.

    ReplyDelete
    Replies
    1. ආන්න එහෙම ඈයින්ටයි මේ කියන්නෙ මනුවෝ..

      Delete
  12. මනෝෂ්....................

    කවි ලිව්වනම් උත්තරත් දෙන්න වෙනවා.... ඔහොම හැංගිලා බැහැ.... පහුගිය ටිකේ අපිත් හොදට ම බිසී වුණා... දැන් නම් ටිකක් විතර හරි...... කොහොම හරි මේ පැත්තට අැවිත් ලියන්න... ඒක වටිනවා...... අලුත් තැන කොහොමද???? අලුත් තරු ඒහෙම දකිද්දි තනි තරුව මතක් වෙනවාද???????

    ReplyDelete
    Replies
    1. ඔන්න ආවෝ ආවෝ... උත්තරත් දුන්නා. හැමෝම කවිය වැරදියට තේරුම් අරන් වගේ..

      අනේ එහෙම දෙයක් නෑ ගී පවුරේ... දවසක් අහස දිහා බලන් ඉන්නකොට අහසෙ හඳයි, ඒ ලඟම තනි තරුවකුයි තිබුනා. ඉතින් මට ඔහොම හිතුනා. ඇත්තට්ම මේක අපේ සමාජෙටත් අදාලයිනේ. මෙහෙම තරුත්, හඳවලුත් ඉන්නවනෙ අපි අතරත්..

      මමත් ටිකක් බිසී ගී පවුරේ මේ දවස්වල.

      Delete