Pages

Sandumal

Sandumal

Saturday, January 10, 2015

•යුගයක ඇරඹුම


"අප පතන නායකයා ඔබම වේ නම්..."






සියල්ලම සිතූ පරිදිම පැතූ පරිදිම සිදුව ඇත. ඉල්ලූ වෙනස රටට ලැබී ඇත. සියල්ලෙහිම "පර්ෆෙක්ට්" ගතියක් සිතට දැනෙමින් ඇත. අවසානයේ මෛත්‍රී යුගයක උදාව සිදු වුනි.

පෙරදින උදෑසනින්ම සිදු වූ සංවේදී සිදුවීමෙන් ඇරඹුමක් ගන්නට අවසර පතමි. ඒ හිටපු ජනපති, ගරු මහින්ද රාජපක්ෂ මැතිතුමන්ගේ අරලියගහ මැදුරෙන් නික්ම යාමයි. ඔහු තුල නොමැති වූ නමුදු තවම අප තුල පවතින මනුෂ්‍යත්වයේ නාමයෙන් සංවේදී සිත් ඇත්තවුන් වන අප වැනි පොදු ජන හදවත් මොහොතකට සංවේගයට පත් කිරීමට එම සිදුවීම සමත් වුනි.

2010න් පසු උග්‍ර මහින්ද විරෝධියකු වූ, මගේ අපමණ පිළිකුලට බඳුවූ එම සොඳුරු ඒකාධිපතියාගෙ නික්ම යාම, දුක සතුට මිශ්‍ර වූ කඳුලු තුඩක් දෙනෙතට නැංවූ සිදුවීමක් බව ඔබට කියන්නට මම ලජ්ජා නොවෙමි. "අනේ මේ මනුස්සයා කරගත්ත දෙයක්.." එහෙමයි මට නිතරම හිතුනෙ. ඒක මේ දැනුත් හිතෙනවා. නමුත් ඒ සමඟම සිතුවම් පටක් මෙන් ඇදී යන ඔහුගේ "කෙරුවාව" සිහි වන විට දෙපතුල් වල සිට ඉහලට ලෝහිත ගිණියමක් සිරුරට දැනෙනුයේ කඳුලු වියළි කරමිනි. අද ඔහුට එලෙස බැස යාමට තරම් හෝ නිදහසක් උරුමව තිබුනා. ඔහු වෙනුවෙන් සියල්ලෝම ඔහුට ගෞරව කලා. නමුදු බැරිවීමකින් හෝ අද දිනුවේ මහින්ද රාජපක්ෂ නම් මෛත්‍රීට මෙලෙස සරලව පොළොන්නරුවට යා හැකිවෙයිද? සැකයක් නෑ, එහෙනම් මෛත්‍රීටද අවම වසර දෙකකටවත් නොකල වරදකට සිරබත් කෑමට සිදුව්න බව නිසැකයි. 2010 දි සරත් ෆොන්සේකා සෙන්පති තුමන්ට අත්වූ ඉරණම අප දුටුවෙමු. යුදගිනිදැල් නිවූ එතුමාට අවසානයේ රාජකාරි ජීවිතයෙන් ඔහු උපයාගත් සොල්දාදුවෙකු දෙවි දෙවෙනි කොට පෙම් බඳින තමන්ගේ නිළ තනතුරුද අහිමි වීම, දශක ගණනක හමුදා සේවය වෙනුවෙන් ඔහුගේ පෙන්ෂන් එකද අහිමි කලයුරු සිහිකල විට සිතට දැනෙන අපමණ කලකිරීම විස්තර කල නොහැකිය.

නමුදු මෛත්‍රී පාලනයක් තුල හිටපු ජනපතිඳුන්ට කිසිදු හිරිහැරයකින් තොරව හෙලිකොප්ටරයක නැඟී තම මුල් නිවස වූ මැදමුලනට යාමට අවකාශ සැලසිණි. හිතට ඇති කණගාටුවනම් ඔහු එලෙස නික්ම ගියේ යුද්ධය ඉවර කල ශ්‍රේෂ්ඨ, අති ගෞරවනීය, අසහාය, අපරාජිත නායකයකු ලෙස නොව, සිය රටේ ජනතාව අතින් ප්‍රතික්ශේප වූ පරාජිතයකු ලෙස වීමයි. මේ තත්වයට පත් නොවී සියලු ගෞරව සහිතව පෙරහරක පා පලස් උඩු වියන් මතින් මල් වැසි මුතු කුඩ යටින් ඔහුට මැදමුලනට යාමට හැකියාව තිබුනි. නමෞදු බලයෙන් අන්ධ වූ බල කාමයෙන් පිස්සු වැටුනු ඔහුට එය නොතේරුණු අයුරු... 

අවසාන මොහොතේ එතුමා හිතට වදින කතාවක් කලා. තමන් ජනමතයට හිස නවා නික්ම යනබව පැවසුවා. ඒ අවස්ථාවේ ඔහු කීව එදා දෙදස් නවයේදී මං වෙනුවෙන් එසවුණු අත් අද මට විරුද්ධව එසවිලා කියලා. නමුත් එතුමා තේරුම්ගත යුතු වූ දේ නම් ඒ අත් ඔහුට එරෙහිව එසවූයේ, ඔහුගේ අසීමාන්තික ඒකාධිපතිත්වයට එරෙහිව බව. එතුමාට තිබුනා හොඳ අවස්ථාවක්, එතුමාට තිබුනා නම්බුකාර විදියට ධූරයේ වලංගු වාර දෙක ගත කල පසු තම පක්ෂයේම් වෙනත් අයෙකු නම් කර එතුමාගෙ කාර්‍ය නිමකර බැස යාමට. එසේත් නොමැතිනම් මෙවරම සංධානයේ අපේක්ෂකයා ලෙස වෙනත් අයෙකු ඉදිරිපත් කිරීමට. ඒ මෛත්‍රීම වුවත්, ඔහුට දිනීමේ හැකියාව තිබුනා.

එය එසේ වූවානම් යුග මෙහෙවරක් කල ශ්‍රෙෂ්ඨ පුත්‍රයකු ලෙස ඔහුට සමුගැනීමට හැකියාව තිබුනි. නමුද් සදාකල් බලයේ සිටීමට සිහින මැවූ ඔහුගේ එක් පුද්ගල සිහිනය ඔහුටත් ඔහුගේ පවුලටත්, ඒ වටා සිටි කල්ලියටත් යන සියල්ලන්ටම විනාශය ගෙන එන ලදි. මෑත ඉතිහාසයේ සිදුවූ විශාලතම දේශපාලන පාඩම වූයේ එයයි. අවි ගත්තෝ අවියෙන්ම නැසෙන්නා සේ බල කාමයෙන් උන්මන්තක වූ ඔහුත් ඔහුගේ පවුලත් බලය විසින්ම විනාශකර දමන ලදි. ඔහුගේ අමාත්‍යමණ්ඩලයටම විනාශයා උදා කරන ලදි. ලංකා ඉතිහාසයේ ශ්‍රෙෂ්ඨතම ජනාධිපතිවරයා ජනතාව අතින් ප්‍රතික්ෂේප වූ ප්‍රථම පරාජිත ජනාධිපතිවරයාඅ බවට පත් විය.

තවමත් සිහින ලොවින් අවධි නොවූ උන්මම්තකයින්ගේ නවතම වාචාලය වන්නේ මෛත්‍රීට හිමි වූයේ "දෙමළ ඡන්ද" බවයි. නො එසේනම් "මුස්ලිම් ඡන්ද" බවයි. එලෙස හණ කෙටූ වෙනම ඡන්ද කොටසක් එකම රටක පැවතිය හැකිද? එසේම ඒද මේ රටේ පුරවැසිභාවය ලබන සියලු අයිතිවාසිකම් හිමි මේ රටේ ඡන්ද දායකයන් නොවන්නේද. එලෙස නිදහසක් නොමැතිනම් මහින්ද රාජපක්ෂ මේ රටට උදා කල සාමය හිතලුවක්ද. මෙම කාරණා වලට ඊයේ රාත්‍රියේ ජාතික නාලිකාවෙන් විකාශය වූ "සුළඟට පසු" සංවාදයට එක්වූ අතුරලියේ රතන හිමි කදිම පැහැදිලි කිරීමක් කලෝය.

ගලේ පැහැරූ බළලාට සිදු වූ දෙය සිදුවූ ජාතික නාලිකාවේ පසු තැවීම, කලකිරීම එම වැඩසටහනේ පමණක් නොව, ඊයේ පෙරවරුවේ සිටම මනාව දක්නට ලැබුනි. කෙසේ වුවද දියයට සැඟවූ රබර් බෝල මෙන් අදිසි හස්තයන්හි තෙරපුමට හසුව ගිලී සිටි රාජ්‍ය මාධ්‍ය ආයතන දිය දෙබෑ කරමින් ඒ ඉහළට එසවුනේ එහෙයිනි. "සුළඟට පසුව" එහි ප්‍රතිඵලයකි. තම නාලිකාව පසු ගිය ජනපතිවරණයේත්, ඉට පෙරත් සිදු කල ඒ නොකල යුත්ත පිළිබඳ කණගාටු වන ඔවුහු ඉදිරියේදී උදාවූ යහපාලනය තුල වඩාත් සමබර මාධ්‍යකරණයක නියැලීමට ප්‍රතිඥා දීමද පැසසිය යුත්තකි. මෛත්‍රී යුගයක් උදාකල යුත්තේ මේ සියලු දෙනාටමය.

සංධාන ආණ්ඩුවේ ජීවනාලිය වූයේ මෛත්‍රීපාල බව දැන් දැන් හෙලිවෙමින් පවතී. දිවි නැගුම, රජයේ පොහොර සහනාධාරය, වී සඳහා සහතික මිලක් ලබා දීම, වී අලෙවි මණ්ඩලය රැක ගැනීම, වැනි කෘෂිකර්ම ඇමතිවරයා ලෙස ඔහුගේ කාර්‍යන්ද, සෞඛ්‍ය ඇමතිවරයා ලෙස, දුම්වැටි සඳහා රූපමය අවවාධ ගෙන ආ පනත සේම ඔහු නියෝජනය කල ආණ්ඩුවෙන්ම අතුරුදන් කල සේනක බිබිලේ ඖෂධ ප්‍රතිපත්තියට පණ දීමේ කෙටුම්පත් යෝජනාවද රට වෙනුවෙන් ඔහුගේ කැපවීම සපථ කරන්නකි.

\\මචන්, අපි අපේ යුතුකම ඉටු කරා. මහින්ද කියන හොරා අද පරදිනවා කතා දෙකක්
නෑ!! ඒත් මට උඹට කියන්න පොඩි කතාවක් තියෙනවා.

මචන් මේ දැන් මට අපේ ගෙවල් ලගම දෙන්නෙක්ගෙ කතාවක් ඇහුනා. පුළුවන්නම් උඹ
ඡන්ද රිසාල්ට් ආවම පෝස්ට් එකක් දානව නම් ඒකත් දාපන්. (උඹ පහුගිය ටිකේ
ලිවුවෙත් නෑනෙ)

මූ මචං බෙහෙත් ගෙන්නන ප්‍රයිවට් කම්පැණියක වැඩ, මුගෙ අම්මල තාත්තලා මෛතීට
සපෝට් කලේ ඒත් මූ පහු ගිය කාලෙම පුදුම තරම් මරාට කඩේ ගියා. කොටින්ම අද
තාත්තටයි අම්මටයි බලම කරලා මරාට චන්දෙ දාන්න.

දැන් ටිකකට කලින් මූ තව එකෙක් එක්ක කතාව මට ගෙදට්ට ඇහෙනවා.
"අර කාළකණ්නියා ආවොත් අපි ඉවරයි බං. ඒ  !@@##@! පුතා අර සෞඛ්‍ය පනත එළියට
දාපු ගමන් අපිටයි කෙළවෙන්නෙ. ඌ කියන විදිහට අඩු ලාභ තියාන් කොහොමද බං මේ
බිස්නස් රන් කරන්නෙ? මහින්ද නොදින්නොත් කෙළියා තමා! මෛත්‍රී හදන්නෙ අපිට
කෙළින්න" ඔන්න මචන් සාමාන්‍ය මධ්‍යම පාංතිකයෙකුගෙ කාළකණ්නි චින්තනය.

මුන් මේ කෙළින්න යන්නෙ රටේ අහිංසක දුප්පත් නැති බැරි මිනිහට තියෙන නිදහස්
සෞඛ්‍ය සේවාවට නෙමේද බං????   ඇයි බං මේ අසාධාරණේ? මෙතනදි විතරක් නෙමේ
හැම තැනදිම මෙහෙමයි!

උන් හොරු බව දැන දැනත් තමන්ගෙ වාසියට ඇයි බං මෙහෙම් කරන්නෙ?????

මට නම් කළකිරුණා බං!!

මම හිතන් හිටියෙ තරුණ පරම්පරාව හො‍ර කමට විරුද්දයි කියලා. ඒත්?????????//

මා මේ උපුටා දැක්වූයේ ඔබේත් මගේත් සමීපහම බ්ලොග් හිතවතෙකු මා හට එවා තිබූ ඊමේල් පණිවුඩයකි. එය එලෙසින්ම මෙතනින් සනිටුහන් කලේ මෙම සිදුවීම ඔහුගේම වචන වලින් ඔබ හමුවට කීම ඔබට මෙය වටහා ගැනීමට පහසුවක් වන හෙයිනි. මේ පවසන්නේද සේනක බිබිලේ ඖෂධ ප්‍රතිපත්තිය පිළිබඳවමය. ඉතින් මෙවන නරුමයන් සිටින සමාජයක් තුල, අප ජීවත් වන අපේ පංතියේම සිටින මෙවන් කාලකණ්නින් සමඟ මෛත්‍රී යුගයකට අපේ මවුබිම රැගෙන යාම හිතන තරම් සරල සුන්දර පහසු කටයුත්තක් නම් නොවනු ඇත. නමුත් මා තරයේ විශ්වාස කරනුයේ මුල හොඳනම් ගහ හැදෙනු ඇති බවය. රටේ නායකයාගෙන් සියල්ල පටන්ගත යුතුය. අපි මෛත්‍රී විශ්වාස කරන්නෙමු. ඒ විශ්වාසය රැකීම ඔහුගේ කාර්‍යයි. එසේ නොවුන හොත් මහින්දගේ ඉඅරණමම ඔහුටද අත්වනු ඇත. මේ ගමන මේ කියන ආකාරයෙන්ම යන්නේ නම්, බොහෝ දෙනෙකුට රිදෙනු ඇත, බොහෝ දෙනෙකුට දැනෙනු ඇත, බහුතරයක් කුලප්පු වනු ඇත. නමුදු මහජනයා හට තමන් "ජීවත් වනවා" බව දැනෙනු ඇත. මෙතෙක් කල් තිරිසනුන් සේ දුක්ඛිතව ජීවත්ව හුරු වූ මේ රටේ අහිංසක ජනතාවට සැබෑවටම මිනිසුන් සේ ජීවත් වන්නේ කෙසේදැයි හැඟෙනු ඇත. කල්පිත අධිරාජ්‍යවාදී කුමන්ත්‍රණ නොව භීෂිත දේශීය කුමන්ත්‍රණ කරලියේ රඟනු ඇත. එනිසා අප මහජනාය්ගේ යුතුකම ඉටුකරලියයුතුය.


කෙසේ හෝ අවසානයේ රට අවශ්‍ය වෙනස ලැබුනි. නමුදු මේ ජයගත්තේ තරඟයේ මුල් අදියර පමණි. වඩා බාධක සහිත දුෂ්කරම වූ අසීරුතම වූ කොටස ඉදිරියෙන් තවමත් ඉතිරිව ඇත. එනම් රටට අවැසි වෙනස, වෙනස් කල පුද්ගලයා ලවා සපුරාගැනීමයි. එනිසා අප සතු යුතුකම වගකීම දෙගුණව අද සිට ඇරඹෙනු ඇත. දිනූ ජයග්‍රහණයේ මිහිර දේශයට අත්කල යුතුව ඇත. මෛත්‍රීගේ වචනයනම් මිහිරිය. පෙනුමෙන් අවංකය, නමුත් ක්‍රියාවෙන් එය ඔප්පු කරන තුරු සටන අත්හැරිය නොහැකිය. කෙසේ වුවද නහයෙන් උඩට ගිලී සිටි අප දැන් යළිදු නහයෙන් හුස්ම ගැනීමට තවත් අවස්ථාවක් උදා වී ඇත. මෙවර එම අවස්ථාවෙන් උපරිම ඵල නෙළාගත යුතුය. තව දුරටත්, දෙමළ ඡන්දය, මුස්ලිම් ඡන්දය යනාදී වශයෙන් ජාතිවාදී ප්‍රවාහයකට නොගොස් යුද්ධය නිමකල රටක සාමය ඇතිකිරීමට බැඳි සර්ව ජන දම්වැලෙන් දිවයිනම වටකල යුතු කාලය එළඹ ඇත. ජාතීන් අතර සමඟිය යළිදු 83න් ඔබ්බට කෙලෙස හෝ රැගෙන යා යුතුය. එක රටක්, එක ජාතිකත්වයක්, එකම ධජයක් යට අප සියල්ලන්ටම එකට සිටගැනීමට හැකිවේවායි දයාබර පැතුමක් අධිෂ්ඨානයක් ගොඩනඟමු!


එමෙන්ම මෙම ජනාධිපතිවරණයෙන් දුටු විශේෂිතම කරුණක් නම්, තවමත් පිටකොන්දක් සහිත රාජ්‍ය නිළධාරීන් අප හට ඉතිරිව ඇති බවය. මැතිවරණ කොමසාරිස්තුමන් ඉන් එක් අයෙකි. ලබා දුන් මේ ජයග්‍රහණය වෙනුවෙන් අපි එතුමන්ට ශීර්ෂ ප්‍රණාමයෙන් ගෞරවයෙන් ආචාරකල යුතුය. ඒ කෙසේ වෙතත්, අධික ලෙස ප්‍රමාද වූ මැතිවරණ ප්‍රතිඵලයත්, ආසන 160න් 58ක් පමණක් නුකුත් වූ මොහොතක හිටපු ජනපති ගත් තීරණයත් අතර වූ කතාව මෛත්‍රී පාලනයක් යටතේ එතුමන් හෙලිකරනු ඇතැයි අපි හුදෙක්ම බලපොරොත්තුවන්නෙමු.

තවද, ඇරඹුමේදීම අපට වෙනසක් පෙන්වූ මෛත්‍රීපාල ජනපතිතුමන්ගේ චාම් දිවුරුම් දීමේ උළෙලේ ආදර්ශය සමඟින් ඉදිරියම මෙම ගමන මෙලෙසින් යනු ඇතැයි අප බලාපොරොත්තු වන්නෙමු..

ඒ සමඟම සියල්ලට පෙර දැකීමට, අත් විඳීමට මා පෙරුම්පුරණා දෙයක් වේ. එනම් හිටපු හමුදාපති සරත් ෆොන්සේකා මහතාට අහිමි කල ඒ නිසි ගෞරවය, යළි එතුමන්ට අත්කර දීමත්, නිර්ලජ්ජිත දේශපාලන පලිගැනීමකට ලක් කල ශිරාණි බණ්ඩාරනායක මැතිණියගේ තනතුර ඇයට යලි ලබා දීමත්ය.

එසේනම් මෛත්‍රී පාලනයකට ජය පතමු.
මහ මැතිවරණයේ මගේ ඡන්දයකියූ ඒ පාලනය ජනතාව උදෙසා ලබා ගැනීම වෙනුවෙනි...


කවදා පායද්ද අප දිනිසුරාණෝ 
රණ බිමකට සරිලන සෙනෙවියාණෝ 
මුඩු බිමකට සරිලන ජල කඳාණෝ 
සුන් බුන් කොඳු ඇට සිටුවන රජාණෝ 

කවදා පායත්ද අප පුන් සඳාණෝ 
පර හිත පිණිස දළදන් දෙන ඇතාණෝ 
නිදුකින් ඉන්ට මඟ පෙන්වන වෙදාණෝ 
මුසා බසින් අප නොපෙළන රජාණෝ.... 

කවදා එත්ද අපගේ එක් වෙතාණෝ 
ගිමනට හෙවණ දෙන තුඟු නුග තුරාණෝ 
අප සමබිමක රඳවන සොහොයුරාණෝ.. 
රජෙකැයි අපට නොසිතෙන මහ රජාණෝ!!

පද : සුනිල් ආරියරත්න
සංගීතය : සරත් දසනායක

ගායනය : නන්දා මාලිනී





46 comments:

  1. මහින්දගේ සමුගැනීම නෙතට කඳුලක් ඉනූ දසුනක් බව කියන්නේ අවංකවම. ඒ අපේ සංවේදීකම. මොනවා උනත් ඔහු තමා මේ රට බේරාගන්නට අභීත නායකත්වයක් දුන්නේ. ඉන් පසු මේ රට හදන්නට එතෙක් මෙතෙක් කිසිදු නායකයෙකුට නොතිබූ ඉතා වාසිදායී පිටියක් (අවස්ථාවක්) ඔහුට තිබුණා. නමුත් ඔහු ෆවුල් ප්ලේ තමයි කලේ. ඔහුටත් වඩා මීයන් වැනි නෑයන් සහ වේයන් වැනි සට්ටැඹියන්. ඔහුට හැකියාව තිබුණා ඔවුන් වැරදි මගින් ඉවතට ගන්න. ඔවුන්ටත් තිබුණා ඔහුව වැරදි මගින් ඉවතට ගන්න. මන්ද, නායකයා කරන කියන සියල්ල එහෙයි කියා පිළිගන්නා ගෝල බාලයන් ඒ නායකයාගේ විනාශය ඉතා ඉක්මනින් කැඳවන නිසා. 2010 දී නැවත පත්වීමෙන් පසු යුද්ධය වෙනුවෙන් බඳ පටි තදකරගත් ජනතාවට ආර්ථික සහන දුන්නානම්, ආයෝජනයන් හා සංවර්ධන කාර්යයන් විනිවිද භාවයෙන් අවංකව කළානම්, ජාත්‍යන්තරය සමග සහයෝගයෙන් කටයුතු කලානම්, උතුරේ අවතැන් වූවන්ට ඔවුන්ගේ අයිතිය ලබාදී මෙරට සාමාන්‍ය පුරවැසියන් ලෙස සැලකුවානම්, මුස්ලිම් ප්‍රජාව සම්බන්ධ ගැටලු බයි ෆෝස් නැතිව ප්‍රතිපත්තමය වශයෙන් විසඳුවානම්, තමන් වටා සිටි සුනඛයන් දම්වැල් දමා බැඳ තැබුවානම් 2016 දී නැවත ඉදිරිපත්වෙන්න කියා මහින්දගෙන් ඉල්ලන්නේ අන් කිසිවකු නොව මෙරට ජනතාවමයි. අවාසනාවට ඔහු නොකලේද එයමයි.
    ඖෂධ වෙළෙන්දන් සම්බන්ධ සිද්ධිය ගැනනම් කියන්න තියෙන්නේ මෙය වෛද්‍යවරුන්ද දේශපාලඥයන්ද සම්බන්ධ මාෆියාවක් බවයි. මෛත්‍රීට ඒ පිළිබඳ දෙයක් කරන්නට අවස්ථාවක් නැතිවෙන්න ඇති. අපි බලමු.
    මේ දවස්වල ලංකා සිතියම පාටකරන පොඩිලමයි හරියට. ඔබ එයටත් පිළිතුරක් දී තිබෙනවා. නැවත ලිවීම ගැන ඉතාමත්ම සතුටුයි. ඔබලා සංවේදී මිනිසුන් බව නැවත නැවතත් ඔප්පු වෙමින් පවතිනවා. අපි මේක බුකියේ ෂෙයාර් කරනවා...කමක් නෑනේ.

    ReplyDelete
    Replies
    1. අබේකෝන් සහ සෝමරත්න පත්කිරීම් ගැන බලවත් විරෝධය

      Delete
    2. මේ විධායකයේ තිබෙන බිහිසුනු බව එයයි. මෙය මිනිසුන් බලකාමයෙන් අන්ධ කරන දෙයක්. එනිසා වැරදි අතකට මේ බලය අත්වුව හොත් රටක්ම අඳුරේ. අවසානයේ ඒ පුද්ගලයාත් ඒ බලයෙන්ම විනාශයට පත්වෙනවා. බලන්න, මහින්දගේ බලලෝබී ඒකාධිපති වියරුවෙන් ඔහු අහිමි කරගත්තේ කෙතරම් ශ්‍රේෂ්ඨත්වයක්ද. අනික් හැමෝම වගේ දෙපාරෙන් ගියානම් ඔහු මොනතරම් වීරයෙක් වෙයිද. උගත් බබුද්ධිමත් තාර්කික ජනයා හැර අන් කිසිවෙක් ඔහුව ප්‍රතික්ෂේප කලේ නෑ. ඔහුගේ හොරකම් දැනුනෙවත් නෑ. ගෞරවාන්විත සමුගැනීමකට මේ හොඳම මොහොතක්. අන්තිමේදි උනේ ඔහු විතරක් නෙවෙයි, ඔහුගේ මුලු පවුලම විනාශ උන එක. ඒකනම් හැබැයි රටේ වාසනාව. මහින්ද හිටියෙ මං පොර න්‍යායෙන්. එයාට හැර කාටවත් බෑ කියන අදහසින්. හැමෝම තමන්ට හිමි කාර්‍ය නිමකර නික්ම යා යුතුයි. එවිටයි එහි වටිනාකම වැඩි.

      ඕනි තැනක ශෙයා කරමු මචෝ.. ඒක හොඳයිනේ.

      ජාතිකේ සභාපති පත්කිරීම ගැනනම් මගෙත් බලවත්ම විරෝධය. පත් කරපු ආරක්ෂක ලේකම් ගැන මොකුත් දන්නෙ නෑ. මං හිතුවෙ ආරක්ෂක ලේකම් ධූරය ෆොන්සේකාට දෙයි කියලා.

      Delete
    3. මධු එල ද බ්‍රා කමෙන්ටුව

      Delete
  2. බැලුමකට වැඩිපුර හුලං ගැහුවම පුපුරණවා.. මෙවර මැතිවරණයේදී එසේ නෙවුයේනම්.. ඉදිරිය බොහෝ කණගාටුදායක සිද්දීන් බහුලව සිදුවන්නට ඉඩකඩ තිබුනා..
    මෛත්‍රී සමාජයකට යාමට ශක්තිය ධෛයය ලැබේවා යයි පතමු !!!

    ජ ය වේ වා !!!

    ReplyDelete
    Replies
    1. අඩෝ දැං මතක් උනේ අරව දෙන්නං මෙව්වා දෙන්නං කියල මේ මනුස්සය කිව්වට අරක්කු මිල අඩු කරනවා කිව්වේ නෑ නේද??
      ඒ සම්බනන්දයෙන් බලවත් විරෝධය !!!

      - ග ල් බ ල කා ය -

      Delete
    2. ඇයි දැන් blue ...... stone දක්වා වෙනස් කරාද....?

      Delete
    3. ගෙම්බට වෙච්ච දේම තමයි නේද මචෝ. පිම්බිලා පිම්බිලා පිපිරුනා. විනාසය තමන් අතින්මයි. දැන් ඊලඟ අභියෝගය උදාවූ යුගය වඩාත් අර්තාන්විත කරගැනීමයි.

      "ගල්බලකාය!!!" සුපිරි නම මචෝ. උඹනම් මරු. කෝ අපේ පත්තරයා. ඉකමනට සභාපති ලේකම්, භාන්ඩාගාරික, උපලේකම්, උපසභාපති,කාරක සභාව පත්කරගන්න ඕනි.

      Delete
    4. නිහිංසා,

      ඉස්සරහට එන්නෙ ඖෂධීය පාන යුගයක්. මට අපෙ සෙට් එක මත්ක්වෙනකොට හිනායනවා.

      Delete
  3. මනෝෂ්.....................

    අපි වෙනසක් වෙනුවෙන් ලොකු කැපකිරීමක් කරා.. උඩුගං බලා පීනුවා... අපි කොහොම හරි ඒ දේ ලබා ගත්තා.... දැන් අපි සතුටුවුණා අැති... අපි ඒ ගමන හරි පාරක ගෙනියන්නත් වගබලාගන්න වෙනවා මචං.... නැත්තම් මේ මහන්සිය ඵලක් නැහැ.....

    ReplyDelete
    Replies
    1. ඇත්ත ගී පවුරේ. මේක බොහෝම අසීරු ජයග්‍රහණයක් උනා. ඒකමයි මාත් කිව්වෙ අපි පලමු කඩයිම ජයග්‍රහනය කලා. නමුත් ඊලඟ කඩයිම මීටත් අසීරුයි. එය ජයග්‍රහනය කිරීමයි ප්‍රධානම අඅභියෝගය. එයයි ඕනි. හුදු පුද්ගල මාරුවක් නෙවෙයි. අපි ඒ අභියෝගයයත් දිනමු මේ විදියටම.

      Delete
  4. මං අද සජීවීව දැක්කා.... අප හිටපු රජානෝ..... කාල්ටන් මන්දිරයේ ද්වාර සදළුතලයේ සිට ජනතාව අමතන අයුරු..... මනොෂ්..... ඒක නෙතකට නෙමේ දහසක් නෙතු... ඔහු හමුවේ...... මා දෑස් ඉදිරියේ හඩා වැටුනා....දුර කතර ගෙවන, වාහන ,බස් එකතු කරගෙන අද , මහජන ගංගාවක් තංගල්ල ප්‍රදේශයට ගැලුවා..... මට හිතුනේ මේක.... මේ එන හැමෝම චන්දය දුන්න නම් එතුමා පරදින්නට විදියක් නැ....මොකද ඔයාට හිතෙන්නේ..... මනුෂ්‍ය ක්‍රියාවන් සැම විටම වෙනස් වන බව පමණි මා හට වැටහුනේ.

    ReplyDelete
    Replies
    1. මාත් ඒක දැක්ක නිහිංසා. කොහොමත් ගමේ මිනිස්සු එතුමට ආදරේ ඇති. අනික ඉතින් යටින් ගසා කෑවට හම්බන්තොටට සෑහෙන්න වැඩ කලා නොවෑ. නමුත් මුලු රටම ගත්තම ඒ ජනබලය අහිමි උනා. අහිමි කරගත්තා. ජනෙල් රාමුවකින් ඔලුව එලියට දමාගෙන කතාකරන්න ඕනි මිනිහෙක්ද. මෛත්‍රීට මේව හොඳ ආදර්ශ. රජෙකුට උවත් කලකම් පලදෙනවා.

      Delete
  5. //"මෛත්‍රීගේ වචනයනම් මිහිරිය. පෙනුමෙන් අවංකය, නමුත් ක්‍රියාවෙන් එය ඔප්පු කරන තුරු සටන අත්හැරිය නොහැකිය"//

    මතුපිටින් ලස්සනට පෙන ඇපල් ඇතුලෙන් කුණුවී තිබෙන්නටත් පුළුවන්, හොඳම තත්වයෙන් තියෙන්නටත් පුළුවන්. අපි බලමු. දින දෙකකින් නොව තව වසර හයක් තිබෙන නිසා. කතාවේ තිබු සියල්ල ක්‍රියාවේ යොදවන තුරු අපි විමසිල්ලෙන් සිටිය යුතුයි. නැත්නම් මහින්ද මැදමුලනට ගිය ආකාරයට මෙතුමන්ට පොළොන්නරුවට යන්න අවස්ථාව සලසා දෙමු .

    ReplyDelete
    Replies
    1. ඒකනේ අයියණ්ඩී, අපි මුං ගැන කොහොම චරිත සහතික දෙන්නද. ජවිපෙ හිටියෙ හරිම තැන. දැන් උන්හරි එලියෙන් ඉන්නවා කියූ දේවල් යථාර්ථයක් කරගන්න.

      Delete
  6. කියන්න ඕන හැමදේම මනෝෂ් කියල තියෙන්නෙ. අඩුම තරමේ ඡන්දය ප්‍රකාශ කළායින් පස්සෙවත් මැර වැඩ, කැත මඩ ප්‍රචාර වගේ තුට්ටු දෙකේ වැඩ නැතුව වැදගත් විදිහට ඡන්ද ප්‍රචාරණයේ යෙදුණ නම් ප්‍රතිඵලය ටිකක් හරි වෙනස් වෙන්න තිබුණ.

    //සංවේදී සිත් ඇත්තවුන් වන අප වැනි පොදු ජන හදවත් මොහොතකට සංවේගයට පත් කිරීමට එම සිදුවීම සමත් වුනි.// කවුරු කොහොම නෑ කිව්වත් මේක තමයි ඇත්ත..

    ReplyDelete
    Replies
    1. මහින්දව කෑවෙ, සහෝදරයො ටිකයි එහෙයියො ටිකයි. තව ඉර හඳ උලා කන එවුන්යි, වීරවංශයි.

      අපි සංවේදි වැඩියි අශාන්. ඒකයි කේස් එක. අපියි ගොන්නු.

      Delete
  7. හරි....හරි....ඡන්දේ ඉවරයි.දැන් වැඩ පටගනින්.....ලියපන් ආපහු බ්ලොග් එක පුරුදු විදිහට.......
    ජය වේවා......

    ReplyDelete
    Replies
    1. මේකත් හරි අමාරුවෙන් බං ලියාගත්තෙ පාළු යන්න.

      Delete
  8. අපි බලමු.ජනතාව බලය පෙන්වපු මැතිවරණයක් මේක.වෙනසක් බලාපොරොත්තු වෙච්චි අපේ ජනමතයට පිටුපලා මහින්ද ගිය පාරේම යන්න මෛත්‍රීත් උත්සාහ කෙරුවොත් මෛත්‍රීට උරුම වෙන්නෙත් මහින්දට උරුම වෙච්චි දේම තමයි.මහින්දගේ නික්ම යාම ගැන මා තුල නම් දුකක් නැහැ.මහින්ද වපුරපු දේ මහින්ද කපා ගත්තා.

    ReplyDelete
    Replies
    1. අනිවාරෙන්ම මචෝ.. මහින්ද විතරක් නෙවෙයි අඳේට, කුලියට, සින්නක්කරේට වපුරපු සේරමගෙ උන් මහින්ද නෙලා ගත්තා. අපිට බං අර තරහ කාරයෙක්ට උනත් කෙල උනාම දුක හිතෙන ගතියනේ බං ඔය. ඒක එතනින් ඉවරයි. මහින්ද කූඩැල්ලෙක් වගේ දැන් එල්ලි එල්ලි ආයෙ ආයෙ එනව දකිනකොට මට මහා පිලිකුලක් දැනෙනවා.

      Delete
  9. මහින්දව කෑවේ වටේ හිටපු උන්දැලායි මහින්දගේ ළමා ලපටින් ටිකයි. තව දෙයක් තමා කාලයක් පාළනය කරගෙන යනකොට ඒකාධිපති වියරුවක් ඇති වීමත් මේ පරාජයේ හේතුවක් උනා.

    ReplyDelete
    Replies
    1. කොටින්ම බලයෙන් අන්ධ උනා. තාමත් මට්ටු වෙලා නෑ. නැත්නම් තවත් එල්ලි එල්ලි එයිද බං. මහින්ද කියන්නෙ කූඩැල්ලෙක්.

      Delete
  10. යුධ හමුදා නිලධාරියෙකුගේ නිලය අහිමි කරනවට වැඩිය හොදයි වහ එකක් දෙනවා බොන්න කියලා..මගේ තනතුර පහත දැමුවෙත් මම ඡිවිත කාලයම විදවයි.. ඒ වැඩේ නම් වැරදියි..
    අපි ඡිවත් වෙලා ඉවරයි අපේ ඡිවිත කාලයෙ අපගේ දරැවන්ට ඡිවත් වෙන්න රටක් හැදිය යුතුයි..

    ReplyDelete
    Replies
    1. ඒ කියන්නේ මෙන්ඩා අාමිද????

      Delete
    2. මෙන්ඩෝ.. මාත් අහල තියෙනවා බං. හමුදා නිළධාරියෙකුට තමන්ගෙ තනතුර තමන්ගෙ නමටත් වඩා වටිනවලු. අපි සුබවාදීව බලාගෙන ඉමු, කියූ යහපාලනය මේ රටට ලැබෙනකල් අපේ ඊළඟ අවස්ථාව එනකල්..

      Delete
    3. ගී පවුරේ.. මං හිතන්නෙ මෙන්ඩ කියල තියෙන්නෙ හමුදා නිළධාරියෙකුගේ හැඟීම ගැන.

      Delete
    4. කුගෑගිප
      මමත් වෙලාවකට යුද්ධයක් මෙහෙයවන අනදෙන නිලධාරියෙක් වගේ තමයි

      Delete
    5. සෙබලියන් සේනාංකයක නායක සෙනෙවියා.

      Delete
  11. 2010 දී සරත් ෆොන්සේකා දිනුවා කියල අදටත් අපි විශ්වාස කරනවා. වුනේ කොහොමද කියල අමුතුවෙන් හිතන්න ඕනේ නැහැ.

    මෙදා පාර අපි බයෙන් හිටියේ ඒ වගේ බලු වැඩක් ආපහු වෙයි කියල. බලන් ගියාම එහෙම දෙයක් වෙන්න ගිහින් යන්තම් බේරිලා තියෙන්නේ.

    බලයෙන් අන්ධ වුනාම කොයි තරම් ශ්‍රේෂ්ඨ නායකෙයක් වුනත් ඔහොම් තමයි. කරන්න දෙයක් නැහැ. දිගටම මේ ක්‍රමේ තියාගත්තොත් මෛත්‍රී ටත් වෙන්නේ ඒ දේමයි.

    -----------

    අලුත් ගමනක් වෙනුවෙන් අපි හැමෝම සටන් කළා. මෙදා සැරේ අපි දිනුවා. සටනේ ගෞරවය රැකගන්න එක අපේ යුතුකම සහ වගකීම.
    ඒ හින්දා මෛත්‍රී කෝච්චිය වැරදි පීල්ලේ යන එක අපි වලක්වගන්න ඕන.

    =================================================================================

    මනොෂ් . උඹ බොහොම ලස්සනට ලියල තියෙනවා.

    ReplyDelete
    Replies
    1. කරන්න ගිය පාහර වැඩේ දැන් රටම දන්නවා. මුන්ට මේ පාර්ලිමේන්තුවේ පස් පාගන්න ඉඩදෙන්න හොඳ නෑ ඉදිරියේදී. ට් ඒත් තාමත් මහීෂ මහජනයා මේ රටේ ඉන්නවා. ඉන් එකෙක් එදා ජනාධිපතිවරයා මැදමුලනේ ජනේලෙක එල්ලිලා කතාකරපු වෙලේ කියනවා "සර් මරල හරි ගන්නනේ තිබුනෙ" කියලා. ඕං අපේ රට.

      අද මහින්ද, මෛත්‍රීට ශ්‍රීලනිප සභාපතිකම පිරිනමනවලු. ඒක ලැබෙන එක හොඳයි. ඒත් මහින්දගේ ප්ලෑන මහමැතිවරණෙන් ආයෙ පාර්ලිමේන්තු එන එක. මහ විලිලැජ්ජා නැති මිනිහෙක්. ඊයෙ ජාතිකේ සාකඡ්චාවක ඕක ගැන කිව්ව මරු උදාහරණෙකින්,. හරියට විශ්‍රාම ගිය පොලිස්පතිවරයෙක් නැවත සාජන් කෙනෙක් විදියට සේවයට එනව වගේලු. හිරිකිතේ බෑ අප්පා..

      වටේ ඉන්න කට්ටියත් එක්ක මෛත්‍රී මහත්තයාව උනත් පීල්ලෙ අරන් යන එක හරි අමාරුවෙයි මචං. ජවිපෙ යෝජනා කල ජාතික විධායක සභාව පිහිටුවයි වගේ. එහෙම උනොත් ඒක ලොකු ජයග්‍රහනයක් මේ රටට.

      අගය කිරීමට බොහෝම ස්තූතියි මචෝ..

      Delete
  12. මගේ හිතේ සංවේදී නහර කපලද මංදා.. මටනම් ඒ අවස්ථාව දැණුනේ රනිල්ගේ පැහැදිලි කිරීම් හමුවේ තවත් නටන්නට බැරි බව තේරුම් අරන් හිත යට වෙන අදහසක් හංගගෙන කරන තාවකාලික පහු බැසීමක් විදියට විතරයි.. දැන් දැන් පේන දේ වලින් ඒ බව තවත් ඔප්පු වෙනවා.. මං මහින්දත් එක්ක මෙච්චර තරහ මොකද මංදා..

    ReplyDelete
    Replies
    1. කමියා..තරහා මරහා තියාගන්න එපා බං අපි එකට කාපුබිපු යාලුවෝනෙ..

      Delete
    2. \\මගේ හිතේ සංවේදී නහර කපලද මංදා.. මටනම් ඒ අවස්ථාව දැණුනේ රනිල්ගේ පැහැදිලි කිරීම් හමුවේ තවත් නටන්නට බැරි බව තේරුම් අරන් හිත යට වෙන අදහසක් හංගගෙන කරන තාවකාලික පහු බැසීමක් විදියට විතරයි.. දැන් දැන් පේන දේ වලින් ඒ බව තවත් ඔප්පු වෙනවා..//

      හරියටම හරි බොලං, හරියටම හරි. කල්‍යාණ සංවේදී නහර කපල නෙවේ, අපේ නඟුට ඇවිල්ලා. තව ටිකක් පවු හිතුවනම් එහෙම අපිට වහ බොන්නයි වෙන්නෙ. කරන්න හදල තියෙන්නෙ ලේසි පාසු පඩත්තල කමක් නෙවෙයිනේ බොලං.

      Delete
    3. කමිය හරි මචං. මටත් "මාර" කේන්තියක් එන්නෙ දැන්. කූඩැල්ලකෙ වගේ, බලය දාල යන්නෙම නෑ.

      Delete
  13. මෛත්‍රී යනු, මහින්දගේ විනාශය නැවතීමට ගත් උපක්‍රමයක් පමණී. නමුත් මෛත්‍රී යනු එවැනිම ගොනුවක සියල්ල සිදුවනතෙක් බලා සිටි, තවමත් මහින්ද සමග ගනුදෙනු ඇති, අයෙකු මෙන්ම පූර්ණ ආණ්ඩු බලය ලැබෙනතුරු නිහඩව සිටින චරිතයකි. මීලඟ මහ මැතිවරණයේදී දූෂීත පාලකයින්ගෙන් තොරව පාර්ලිමේන්තුව සැකසීම ජනතාවගේ වැඩකි. නැතිනම් නැවත බුද්ධිමත් ඡන්දදායකයාගේ ‍ගොන්කම ප්‍රදර්ශනය කර සය වසරක් අරූට, මූට බැන බැන සිටීමට සිදුවේ.

    ReplyDelete
    Replies
    1. ඔව් සිද්ද උනේනම් සහ ඉදිරියට සිද්ධ වෙන්නෙත් ඒක තමයි. ඒක ඔබට අපට වැටහෙනවා. නමුත් වංචාවට, දූෂනයට විරුද්දව ඡන්දය ප්‍රකාශ කල ශ්‍රීලනිප සහ එජාප පාක්ෂිකයන් බලාපොරොත්තු උනේ මෙහෙම දෙයක් නෙවෙයි. ඔවුන් හිතුවෙ සියල්ල උඩුයටිකුරුව අලුත්ම අලුත් රටක් නිර්මාණ්ය වෙයි කියලා. ඒ නිසා දැන් ඔවුන් දුර්මුඛ වෙලා ඉන්නෙ.

      Delete
  14. පරක්කු වෙලා දැක්කේ හොඳ පොස්ටුව

    ReplyDelete
    Replies
    1. පරක්කු වෙලා හරි ආව එක කොච්චර දෙයක්ද.

      Delete
  15. http://sinhala.lankanewsweb.net/features/2013-07-01-07-49-32/15399-2015-01-19-21-46-30

    ReplyDelete
    Replies
    1. බොහෝම ස්තූතියි අජිත් අයියේ. ඔයා කලින් පාරත් මගේ ලිපියක් මේ අඩවියේ පළකලාට ඒක අපි හැමෝටම බලන්න පුලුවන් කමක් තිබුනෙ නෑනේ, ඒත් යහපාලනෙන් වෙබ් අඩවි වලට තිබූ සීමා ඉවත් කලා නිසා වෙන්න ඇති දැන් නම් කිසීම කරදරයක් නැතිව මේ අඩවියට යන්න පුලුවන්..

      Delete
  16. Replies
    1. මට හරිම දුකයි කල්‍යාණ.. මේ වටිනා දුර්ලබ අවස්ථාවට සහභාගිවෙන්න මට ටිකක් අපහසුයි. මේ දවස්වල එක දිගටම රෑ වැඩ. නිවාඩුවක් ගන්න ටිකක් අමාරුමයි. ඇත්තටම එන්න හිටියේ.. සමාවෙන්න මට..

      Delete
    2. හ හා.. ඒකට කමක් නෑ.. පහසුවෙන් දුරකතන අංකය දෙන්න විදියක් නොතිබුණු නිසා උඩින් දැම්මේ. හරි ලස්සනට වැඩේ උනා. ඒ ගැන වෙලාවක කියන්නම්. ජය ශ්‍රී!

      Delete
    3. අනේ දෙයියනේ.. ඒ කියන්නෙ නම්බරේ සේල් කලා වගේ උනාද.. අපේ මිනිස්සුනම් අනේ මංද.

      ඉදිරියේදි ඕනි උනොත් මෙන්න මගේ ඊමේල..

      masandumal@gmail.com

      Delete