Pages

Sandumal

Sandumal

Sunday, August 3, 2014

•මල් පිපිලා එදා වගෙම බලන්න මැණිකේ

"එදා අපෙ හීන මාලිඟ මෙදා උන් තනා ගත් සඳ
කඩා නොලන්ටයි..."




"කීයටද අද ක්ලාස් ඉවරවෙන්නෙ?"

"දෙකහමාරට අම්මේ"

"හරි තුන වෙද්දි ගෙදරට එන්නෝනි, අතන මෙතන රස්තියාදුවෙනවා එහෙම නෙවෙයි ඔන්න"

"අනේ අම්මෙ, මට අද ලයිබ්‍රියට යන්නත් ඕනි. අනූත් එනවා කිව්වා, නෝට්ස් වගයක් හොයාගන්නත් තියෙනවා."

"අනේ මේ දුව, උඹට බෑ මාව තම්බන්න. උඹ ලොකූ අඩව්වුකට සැරසෙනව කියල මට හොඳට තේරෙනවා පහුගිය දවස් ටිකේ ඉඳලම. මං මේ බොහෝම කරුණාවෙන් කියන්නෙ, උඹ ගෑල්ලමෙක්. වීදුරු බඩුවක් වගේ පරිස්සමට ඉඳපන්. උඹල මේ තත්වෙට උස්මහත් කරන්න, සමාජෙන් කතාවක් නාහ හදාගන්න අපි ගොඩාක් දුක් වින්දා. අනික විභාගෙට තව දවස් කීයද. මේ මනුස්සයාගෙ දාඩිය වලට කඹුරන්නැතිව හොඳට ඉගෙනගනින් අනන් මනන් අත්තැරල දාලා."

"අනේ අම්මෙ, අම්ම මේ උදේ පඳරම මොන විකාරයක් කියවනවද කියල මටනම් තේරෙන්නෙ නෑ. බලන්නකො තාත්තෙ."

"අනේ මේ, උඹ තොත්ත බබා. උඹට මං කියන දේ තේරෙන්නෙම නෑ. ඒකෙන් කමක් නෑ, උඹ තුන වෙද්දි ගෙදර නාවොත් අද මං උඹව හමගහනවා."

"හරි කුසුම්, හරි. කලබල නොවී ඉන්නකො. අපේ දුවට මොලේ තියෙනවා එයා එහෙම වැරදි දෙයක් කරන්නැතිවෙයි"

"අනේ මේ තිස්ස, ඔයා තමයි මේ හැමදේම කරන්නෙ. අඩුපාඩුවට හරියන්න තව ෆෝන් එකකුත් අරන් දුන්නා. දැන් හොඳයිනෙ. හැබැයි තිස්ස මේකි මොකඛරි ජරමරයක් පටලගත්තොත් ඔයා තමයි වගකියන්නෝනි."

"දරුවට ෆෝන් එකක් අරන් දුන්නෙ හදිස්සියකදි ගෙදරට කෝල් එකක් ගන්නනේ කුසුම්, අනික දැන් මේ වයසෙදි මොන ළමයා අතේද ෆෝන් එකක් නැත්තෙ."

"හපෝයි ගෙදරටම කෝල් ගන්න. එතකොට රෑ දෙගොඩහරි යාමෙ කාමරේට වෙලා මුනු මුනු කෝල් ගන්නෙ මොන ගෙදරටද දන්නෑ. අනේ මේ තිස්ස ඔයත් මගෙන් මොකුත් නාහ ඉන්න."

හරි හරි, දූ... ඔයා අද ක්ලාස් ඉවරවෙච්චගමන් ගෙදර එන්නකො. වැඩේ ඉවරයිනෙ. ලයිබ්‍රියේ වැඩේ වෙන දවසක කරගමු අපි. අද එන්න. හරිද?"

"හොඳයි තාත්තේ.."

"හ්ම්.. එහෙනම් දැන් පරිස්සමට යන්න. පරක්කුවෙනවනේ."


*********************************************************************************

"ඔහොම කලබල වෙන්නෙපා කුසුම්. ඔයාට අඬන්න තරම් දෙයක් උනේ නෑනෙ ළමයො."

"ඔයානම් කියයි තිස්ස. මට විතරක් නෙවෙයි, ඔයාටත් අඬන්න වෙයි අපේ කෙල්ල කරදරයක් කරගත්තොත්. මට බය ඒකයි. මට හොඳටම ඉව වැටිලා තියෙන්නෙ. අපේ එකී මොකක් හරි සම්බන්ධයක් පටලගෙන ඉන්නෙ."

"මටත් ඒක දැනිලා තියෙනවා කුසුම්. ඒත් අපි මෙහෙම නෙවෙයි කරන්නෝනි"

"කොහොමද කරන්න කියන්නෙ. කෙල්ල මොකෙක් හරි අතින් අනාතවෙනකල් බකන්නිලං ඉන්නද කියන්නෙ? එහෙම නැත්නම්, හෙට අනිද්ද ලියන විභාගෙත් ෆේල් කරගෙන නන්නත්තාර වෙනකල්ද බලං ඉන්න කියන්නෙ? අනේ මංද තිස්ස වෙලාවකට මට තේරෙන්නෙ නෑ ඔයා මොනවගේ තාත්තා කෙනෙක්ද කියල. ටිකක් බැරෑරුම්ව හිතන්නකො. ඔයා මේක සීරියස් ගන්නෙම නෑ. මේක විහිළුවක් නෙවෙයි. සෙල්ලමකුත් නෙවෙයි."

"මට අපේ ඔෆිස් එකේ කීපදෙනෙක්ම කිව්ව අපේ දුව අහවල් පාරෙ කොල්ලෙක් එක්ක කතාකර කර ගියා. අහවල් බස්ටෑන්ඩ් එකේ කොල්ලෙක් එක්ක හිටියා. අහවල් පාක් එක පැත්තට ගියා කියලා. උන් ඒව කියන්නෙත් කටවල් උල් කරගෙන තලු මර මර. මොන අම්මටද තිස්ස තමන්ගෙ දරුව ගැන මෙහෙම කියනකොට දරාගෙන ඉන්න පුලුවන්. මේ කෙල්ලෙක්. කොල්ලෙක් නෙවෙයිනෙ නාවල ගෙට ගන්න. යමක් උනොත් උනාමයි. නරක නාමයක් ගෑවුනොත් ආයෙ ඒක මකල දාන්න බෑ. මුන්ගෙ කර දඬු උස්වෙලා මනමාල විසේ ගැහුවට මුන්ට මේවයේ බරක්පතලක් තේරුමක් නෑ. උන් හිතන්නෙත් නෑ. උන්ටනම් තේරුමක් නෑ කියමුකො. ඒත් තේරුම් බේරුම් තියෙන සමාජෙ පරිණත මනුස්සයෙක් වෙච්ච ඔයත් මෙහෙම අන්ධයා වගේ ඉන්නෙක තමයි මට විඳවගන්නම බැරි."

"කුසුම් මේ අහන්න. ඔයා එහෙම හිතන්නෙපා මං ගැන. ඔයාට වඩා දේවල් මටත් ආරංචිවෙනවා. ඒත් මං ඔයාටවත් කියන්නෙ නෑ ඔයා කලබල වෙන නිසා. කොහොම උනත් මෙහෙම බොරුවට උඩපැනලා ක්ලබල උනා කියල මේ ප්‍රශ්නෙ විසඳෙනවද? අපේ දුවට එහෙම සම්බන්ධයක් තියෙනවා නම් එයා ඒක නවත්තයිද? ඒක එහෙම වෙනවානම් ප්‍රශ්නයක් නෑ, අපි දෙන්නම උඩ පනිමු. මෙතන දුව මැද තියාගෙන යකා නටමු. ඒත් ඒකෙන් මේක කෙලවර වෙයිද? ඔයාම මට උත්තරයක් දෙන්නකො. ටිකක් හිත නිවාගෙන හොඳට කල්පනාකරල උත්තරයක් දෙන්නකො."

"හ්ම්........

අනේ මංදන්නෑ තිස්ස..මොනාකරන්නද මට තේරෙන්නෙ නෑ. මට නිකං පිස්සුවගේ. මට බයයි.. අපේ දුව ගැන බයයි. අපි කොච්චර ආදරෙන්ද එයාව හදන්නෙ. මලක් වගේ. ඔයාට මතකනේ එයා හය හතර නොතේරෙන පුංචි කෙල්ල කාලෙ. එයා අපිව කොච්චරනම් සතුටින් තිබ්බද. අනේ කෙල්ල ලොකු නොවී ඒ විදියටම හිටියනම්..."

"ළමයෝ ඕක තමයි ලෝක ධර්මතාවය. අපි දරුවො හැදුවට දරුවො අපිට අයිති නෑ. ඒ දරුවො අයිති මේ ලෝකෙට. එයාල අපේ බූදලයක් නෙවෙයි කුසුම්. හරි වයස ආවම එයාල කූඩුවෙන් ඉගිල්ලිලා යනවා. අපිට බෑ ඒක නවත්තන්න. අපිට බෑ එයාලගේ තටු බැඳල තියන්න."

"එන්න ඉස්සර වගේම මං මට පුලුවන් විදියට ඔයාට තේරුම්කරල දෙන්න උත්සාහ ගන්නම්."

"ඔව් තිස්ස. මගේ ඔලුව යකාගෙ කම්මල වගේ. ඔයා එදා කිව්ව දෙයක් කවදාවත් වැරදිලා නෑ. ඒ නිසා මං අහන් ඉන්නම්. මගේ මේ හිත හදන්න පුලුවන්නම් ඒක ලොකු දෙයක්"

"කුසුම්ට මතකද.. අපි දෙන්න යාලුවෙච්ච හැටි. යාලුවෙච්ච දවස?"

"ඔයත් මොනා අහනවද මංද. මැරිලා ඉපදුනත් ඒ කාලෙ අමතකවෙයිද තිස්ස. මට තාම මතකයි, එදා චිත්‍ර කාමරේ ළඟදි කලබලේට ලියපු පොඩිවෙච්ච ලියුම් කෑල්ලක ඔයා මගෙන් ආදරේ ඉල්ලලා තිබුන විදිය. ඊට දවස් දෙකකට පස්සෙ මේන් හෝල් එක ළඟදි මං මගේ ආදරේ ඔයාට දූන්නු විදිය. එදා අගෝස්තු මාසෙ දෙවනිදා. ඉස්කෝලෙ වාර නිවාඩුව දෙන දවසෙ. එදා ඔයාගෙ ඇස්වල තිබුන සතුට මට මේ දැනුත් මැවිල පේනවා."

"ආ...හැබෑද? ඒකියන්නෙ දැන් මගේ කුසුම් මැරිලා ඉපදිලා වගෙයි. ඒකනේ මේ හැමදෙයක්ම මතකවෙලා තියෙන්නෙ."

"පිස්සුද තිස්ස? අමතකවෙලානම් මං දැන් කිව්වෙ කොහොමද. ඔයාටනම් ඔල්මාද."

"අනේ අනේ කුසුම්, එහෙම අමතක නැත්නම් දැන් මේ උදේ පාන්දර දුවගෙ ඇඟට පැන්නෙ කොහොමද? ඒ කාලෙ මතක මං ඒකනේ කටවහගෙන හිටියෙ."

"ආ.. ඇත්තද. ඒ කාලෙ වගේ නෙවෙයි තිස්ස දැන්. ලෝකෙ හරි වෙනස්. විෂමයි. අපේ කාලෙ තිබ්බ සරල සොඳුරු බව දැන් නෑ. ඒහෙනම් ඉතින් ඒ කාලෙ අපේ ආච්චිලා සීයලා අවුරුදු දහයෙන් දොලහෙන් කසාදත් බැන්දෙ? ඒ කියල දැනුත් එහෙම කරනවද?"

"වෙනස් වෙලා තියෙන්නෙ සමාජෙ විතරයි කුසුම්. ජීවත්වෙන රටාව වෙනස් වෙලා. ජීවත්වෙන ක්‍රමය වෙනස් වෙලා. ඒත් එදාවත් අදවත් මිනිස්සුන්ගෙ හිත් වෙනස් වෙලා නෑ. මං කිව්වෙ සොබාදහම වෙනස් වෙලා නෑ. අපි පුංචි කාලෙත් අපේ සීයලා ආච්චිලා පුංචි කාලෙත් නියමිත කාලෙදි ගස්වල මල් පිපුණා. ගෙඩි හැදුනා. අදත් එහෙමයි සොබාදහම වෙනස් වෙන්නෙ නෑ. ඉතින් ඒක මනුස්ස සතාටත් පොදුයි. ගස් වල මල් පිපෙනවා වගේම නිසි කාලෙදි හිත්වල මල් පිපෙනවා. ඒ මල් සුවඳට බඹරු ඇදෙනවා. මල් සුවඳ විදිනවා. රොන් ගන්නවා."

"ඔයා කියන දේ මට තේරෙනවා තිස්ස. ඒත් ගස් වල මල් පිපිලා ඊළඟට ගෙඩි හැදෙනවා වගේම හිත්වල පිපිච්ච මල් නිසා අකාලයේදිම ගෙඩි හැදුනොත් අපි මොකද කරන්නෙ? මං බයයි තිස්ස."

"මිනිස්සු විදියට අපි අමුතු අමුතු සංස්කෘති මවාගෙන, ආගම් හදාගෙන, නීති රාමු වලට කොටුවෙලා කෘත්‍රීම ජීවිත ගතකලාට, අපේ මේ පිස්සු වැඩ සොබාදහම යන්තම්වත් මායිම් කරන්නෙ නෑ. ඒ නිසා මනුසතාටත් හැඟීම පහල වෙනවා, මල් පිපෙනවා. ඒ විතරක් නෙවෙයි සොබාදහමෙ නීති සපිරුණාම ගෙඩිත් හැදෙනවා. අපි රාමුවලට කොටුවෙලා නීති යට හිරවෙලා ඒ සොබාදහමට අභියෝගකරන්න හැදුවට හරියන්නෙ නෑ. ඒත් මං මේක ඔයාට කිව්වට සමාජෙට කියන්න ගියොත් උන් මට පිස්සෙක් කියයි. ඒ නිසා සමාජය තුල ජීවත් වෙන සමාජ සත්වයෝ විදියට අපිට සිද්ධවෙනවා ඒ සමාජෙට අනුගතවෙන්න."

"අන්න එතනදි අපි මේ තේරුම් ගත්ත දේවල් එක්ක අනිත් අය වගේ අන්තගාමි නොවී ප්‍රායෝග්ක විදියට විවෘත මනසින් හිටියම හරි."

"ඔයා කියන කතාව මාත් පිළිගන්නවා. ඒත් තිස්ස එහෙම හිතලා අපිට පුලුවන්ද අපේ කෙල්ලට යන අතකට යන්න දෙන්න. මොකද මේ අපේ දරුවා. කූඩුවෙන් ඉගිලිලා යන කුරුල්ලෙක් නෙවෙයිනෙ මේ."

"ඒක හරි. එතනදි අපිට කරන්න පුලුවන් දේවල් ගොඩක් තියෙනවා කුසුම්. මං කලිනුත් කිව්ව වගේ තරුණ වයසට එන අපේ ළමයින්ට මේ හැඟීම් දැනීම් ඇතිවෙනවා. ඒක වලක්වන්න කාටවත් බෑ. ඉතින් මෙතනදි අපේ දරුවො මේ දැනෙන ආදර සුවඳ මඟඇරල ගියොත් ඔන්න ප්‍රශ්නයක් නෑ. ඒත් අපේ දරුව ඒ සුවඳ විඳින්න පටන්ගත්තොත් ඔන්න අර ප්‍රශ්න සේරම ඇතිවෙනවා. ඉතින් මෙහෙම දෙයක් වෙනවනම් ඒක වලක්වන්න කාටවත් බෑ. ඒක ඇතිවෙන්නෙ ඉතින් කරුමෙට. මේ ප්‍රශ්නෙ ගොඩක් වෙලාවට එන්නෙ අපේ දරුවො ඉස්කෝලෙ යන කාලෙදි මෙහෙම සම්බන්ධතා අතිවෙන එකෙන්නෙ."

"ඔන්න ඔඅතනදි දෙමවුපියො විදියට අපිට කරන්න පුලුවන් දේවල් ටිකක් තියෙනවා. මුල්ම දේ තමයි දරුවට හය හතර තේරෙන කාලෙ ඉඳලම කියල දෙන්න වෙනවා පාසැල් කාලෙදි ඇතිකරගන්න මේ වගේ සම්බන්ධතාවල ආදීනව ගැන. එහෙම කියල දරුව මේ වගේ දේවල් වලින් ඈතකරල තියාගන්න පුලුවන් නම් හරි. ඒත් ඒක එච්චර සාර්ථක නෑ. ඉතින් අකැමැත්තෙන් උනත් කරන්න තියෙන ඊළඟ හොඳම දේ වගේම ප්‍රායෝගිකම දේ තමයි, එවැනි තෝරාගැනීමක් කරනවා නම් ඒ කරන්න කලින් ඒ ළමයට ඒ වගේ දේකට හොඳ අවබෝධයක්, තේරුමක් ලබල දෙන එක. ඒත් ඉතින් අම්මෙක්ට තාත්තෙක්ට ඒක කොච්චර අමාරු දෙයක්ද? අපි කොහොමද කටේ කිරි සුවඳ නොගිය අපේ දරුවට උඹ මෙන්න මෙහෙම කොල්ලෙක් යාලුවෙයන් කියල කියන්නෙ. ඒක හරියට ඒ වගේ දේකට අපි උඩගෙඩි දෙනවා වගෙයිනෙ. ඒත් එහෙම කියල අපි කටවහගෙන ඉඳල නොතේරුම් කමට කෙල්ල මොකෙක්ටහරි රැවටුනොත්, එතනදිත් අසරණ වෙන්නෙ අපි. ඒ නිසා අපිට පුලුවන් වෙන්නෝනි අපේ දරුවට බොහෝම සූක්ෂමව ඒ අවබෝධය ලබල දෙන්න. මොකද අපි කොච්චර හිතන්න අකැමැති උනත් අපේ කිරිකැටිය කියන්නෙත් සොබාදහමෙ නීතියට අනුකූල වෙච්ච ජීවිතයක්. ඒයාටත් හැඟීම් දැනීම් තියෙනවා."

"කොහොමත් දෙමවුපියෝ විදියට අපි ආදර්ශමත් උනානම් දරුවො ඒ ආදර්ශෙ ගන්නවා. මගේ කෙල්ල දන්නවා එයාගෙ තාත්තා කොහොම මනුස්සයෙක්ද කියලා. එයාගෙ තාත්තා අම්මට කොච්චර ආදරෙයිද කියලා. ඉතින් කුඩා කාලෙ ඉඳලම එයාගෙ ලෝකෙ වීරයා, ප්‍රතිරූපය උනේ තාත්තා. ඉතින් ඒ නිසා එයා එයාගෙ ආදරයෙනුත් බලාපොරොත්තුවෙන්නෙ ඒ වගේ ප්‍රතිරූපයක්. ඒ කියන්නෙ, එයා එයාගෙ ආදරවන්තයා විදියට එයාගෙ තාත්තගේ වගේ ගතිගුණ තියෙන කෙනෙක් හොයා ගන්නවා ඉබේම. ඔන්න ඕක තමයි සාර්ථකම පිලියම මේ වගේ දේකදි."

"ඉතින් දුවක් ඉන්න අම්ම කෙනෙක්ට පුලුවන් පුංචි කාලෙ ඉඳලම තමන්ගෙ දුවට තමන්ගෙ තාත්තා ගැන කියල දෙන්න, ඒතුලින් එයාගෙ අනාගත සහකාරයා ගැන සූක්ෂම අදහසක් එයාගෙ මොළය තුල තැන්පත් කිරීමේ වගකීම අම්මට ගන්න පුලුවන්.  හැබැයි මෙතනදි තාත්තට තියෙනවා මහා වගකීමක්. ඒ තමයි තමන්ගෙ දරුවන්ට ආදර්ශයක් වෙන්න පුලුවන් පියෙකු විදියට ගෞරවනීය ජීවිතයක් ගෙවන එක. ඒ නිසා කොහොමත් දරුවො හදන්න කලින් දෙමවුපියෝ හැදිල ඉන්නම ඔනි." 

"ඉතින් කුසුම් ඔන්න ඔය විදියට හිතපුවාම බයවෙන්න දෙයක් නෑ අපිට අපේ දරුවො ගැන. ඒ නිසා දැන් අපි කරන්න ඕනි දරුවට තරවටු කරලා මේවා කඩල බිඳල දානෙක නෙවෙයි. මොකද ඒකෙන් වෙන්නෙ මේ ප්‍රශ්න තවත් වැඩිවෙන එක විතරයි. අපි කොච්චර දේවල කලත් ඒකෙන් මේ ආදර හැඟීම එයාලගේ පපුවලි ගලවල වීසිකරන්න අපිට බෑ. ඒ වෙනුවට වෙන්නෙ අපේ තාඩන පීඩන එක්ක ඒ හැඟීම තවත් හදවතටම ඇලෙන එක විතරයි. තවත් ඇට්ටර වෙලා එයාල අපිට අහිමිවෙන එක විතරයි. කොලේ යන එකා කොලෙන් කනවා වගේ අපි දැන් කරන්න ඕනි මේකම ඉත්තෙක් කරගෙන ඒකෙන්ම අපේ දුවගේ අනාගතේ සාර්ථක කරගන්න පාර කපන එකයි."

"ඒ නිසා අපි එයාට ආදරෙන් හැමදේම කියල දෙමු අපි. දැන් ඒකට කාලෙ හරි. තවත් පරක්කුවෙලා බෑ."

"ඔයාට පිං සිද්ධවෙනවා තිස්ස. උදේ ඇවිලුණු ගින්දර දැන්නම් මගේ පපුවෙ නෑ. මට දැන් බයක් නෑ. මට විස්වාසයි ඔයා අපේ දුවව ආදරෙන් පරිස්සම් කරගන්නවා කියලා."

"එහෙම තේරුගත්තෙක ලොකු දෙයක් කුසුම්. අපි ඕනිවට වඩා කලබල උනොත් එයාල හදිස්සිවෙලා ඉකමන් තීරණ අරන් ජීවිතේම අවුල් කරගන්නවා. එයාලා නොදරුවෝ උනාට අපි නොදරුවෝ නෙවෙයිනෙ. අපි පොඩි ළමයි වගේ කලබල වෙලා ඒ කලබලෙන් එයාලගේ ජීවිත අවුල් කරනවානම් අපේ අම්ම තාත්තා කමෙන් ඇති වැඩේ මොකද්ද."

ඔහොමයි ජීවිතේ. අපේ පරම්පරාව ඉවරයි. ඒත් සොබාදහම එතනින් ඉවර නෑ. දැන් අපේ දරුවන්ගෙ පරම්පරාව උදාවෙලා. ඉතින් එදා වගේම ආයෙත් මල් පිපිලා. මල් වල සුවඳ දසත පැතිරෙනවා. ඒ සුවඳ හංගන්න අපිට පුලුවන් කමක් නෑ. පුලුවන් උනත් එහෙම කරන්න අයිතියක් අපට නෑ. ඒනිසා ඒ මල් එක්ක, සුවඳත් එක්ක, බඹරුත් එක්ක තරහ අරං තේරුමක් නෑ කුසුම්.

අපේ යුගය ඉවර උනාට ආදරේ ඉවරවෙලා නෑ. ඉර හඳ බලං ඉන්නවා අපේ තැනගන්න අපේ දරුවන්ට එළිය දෙන්න. එදා වගෙම ගලන ඇළ දොල ගංගා අදත් ගලනවා එයාලගේ ලෝකෙට සිසිල දෙන්න. සොබාදහමම ලෑස්තිවෙලා ඉන්න වෙලාවෙ අපි විතරක් වහංවෙලා වැඩක් නෑ.

ඉතින් අපි එදා ඇවිද ගිය පාරවල් අද අපේ දරුවන්ට වෙන්වෙලා. අපි තරහ අරන් හරියයිද කුසුම්. ඉතින් අපිට සිද්ධ වෙනවා ඒ මාවත් වල ඔවුන්ට හිමි ඉඩ ව්න්කරල දීල මාවතෙන් බැහැල ඉඩදෙන්න. ඒ මාවත්වල එයාල අත් පටලගෙන එදා අපි ගොඩනඟපු හීන මාලිගා දිහා බලලා එයාලගේ හීන මාලිගා ගැන කතාකරකර යනකොට ඈතට වෙලා අපිට ඒ දිහාවෙ උපේක්ෂාවෙන් බලං ඉන්න වෙනවා. අපිට අයිතියක් නෑ ඒ මාළිගා කඩා බිඳදාන්න. 

ඉතින් අපි ඒ යථාර්තෙට මුහුණ දෙමු කුසුම්. එයාල යන ගමනට අපි ශක්තියක් වෙමු එයාලට අත්වැලක්වෙලා. ඒ පාර හරස් නොකර යන්න ඕනි නිවැරදිම පාර අපි එයාලට පෙන්නල දෙමු. මං දන්නවා අපේ රත්තරන් දුව කවදාවත් වරදක් කරනොගන්න බව. ඒ නිසා අපි බය නැතිව ඉමු. අපි සොබාදමට ඉඩදීල බලන් ඉමු කුසුම්..




"මල් පිපිලා එදා වගෙම බලන්න මැණිකේ

බමරු ඇදෙනවා සුවඳට සතර දිගන්තේ

තරහ නොගෙන 

සාදු සාදු කියන්න මැණිකේ


එදා අපට පෙම්වත් සඳ අද දරුවන්ටයි
ගලා හැලෙන නිල් ඇල දොල පෙම් කවියක් වෙයි
එදා අප වෙලී ගිය මග මෙදා උන් බැඳී යන සඳ 

තරහ නොගන්ටයි

කෝඩුකාර පෙම්බස් දැන් ඉතින් ඔවුන්ටයි
රෑට පිපෙන තරු මල්වල රේණු ගණින්ටයි
එදා අපෙ හීන මාලිඟ මෙදා උන් තනා ගත් සඳ
කඩා නොලන්ටයි"


ගායනය : සුනිල් එදිරිසිංහ

පද රචනය : රවී සිරිවර්ධන

සංගීතය : රෝහණ වීරසිංහ






(Mal Pipila Eda Wagema - Sunil Edirisinghe)


82 comments:

  1. ////අනේ මේ තිස්ස, ඔයා තමයි මේ හැමදේම කරන්නෙ. අඩුපාඩුවට හරියන්න තව ෆෝන් එකකුත් අරන් දුන්නා. දැන් හොඳයිනෙ. හැබැයි තිස්ස මේකි මොකඛරි ජරමරයක් පටලගත්තොත් ඔයා තමයි වගකියන්නෝනි///

    මේක නම් අඩු පාඩු නැතිව මටත් හම්බ වෙනවා
    අනික් උන්ටත් එහෙමද දන්නේ නෑ

    ReplyDelete
    Replies
    1. අනිත් උන්ටත් ඔහොම්ම තමයි ජීවන. අපිට ඉතින් අනිවාරෙන් ඔය බෝලෙ පාස් වෙනවා. වෙලාවකට තාත්තලා හරි අසරණයි. හැබැයි ඕකෙම අනිත් පැත්තත් වෙනව සමහර වෙලාවට අම්මලාටත්.

      කොහොම උනත් ඉතාම සාදරයෙන් පිළිගන්නවා ඔබව මේ ඉසව්වට.

      Delete
  2. හදවතින්ම කියවපු ලිපියක් බං. ඔය උපදෙස් ටික සිරාවටම හිතට ගත්තා. අනාගතෙදි ඕන වේවි!!

    ඒ කාලෙ වෙත්දි සමහර විට අපිටත් අමතක වෙයි, අපිත් බැන්ඳෙ ආදරේ කරලා බව. ඒත් එදාට මේ ලිපිය බොහෝ විට මතක් වේවි.

    ReplyDelete
    Replies
    1. මේ ලියපු මටත් ඕකම වෙයි මචං සමහර විට. උඹලට වගෙත් නෙවෙයිනෙ. අපි තව පවුල් පංසල් වෙනකොට තව කාලයක් යයි. ඒ නිසා මෙහෙම වෙන කාලෙ තව හෙන දුරයි. ඒ නිසා මට අමතක උනොත් උඹල හරි මටත් මේ පෝස්ට් එක මතක් කරල දියන් හොඳේ...

      Delete
    2. උඹට කියන්න මචං, පහුගිය පෝස්ට් තුනකදි උඹ අපේ අම්මලාගෙ ආදර කතාව කියෙව්වනෙ, ඉතින් එහෙම අම්මයි තාත්තයිත් මගේ ආදරේට මාර බාල්දිනේ බං පෙරලුවේ මුල් දවස් වල. දෙයියනේ කියල දැන්නම් මට වඩා අපේ අම්මට වෙන්ඩ ලේලි හොඳයි. ඒත් ඉතින් මං මේ කියන්නෙ කොයි අම්මයි තාත්තයි උනත් එහෙම තමයි.

      Delete
    3. //මට වඩා අපේ අම්මට වෙන්ඩ ලේලි හොඳයි.// ඕක ඕහොම වෙන එක තරම් සැනසීමක් තවත් නෑ බන්.

      Delete
    4. ඒකනම් සහතික ඇත්ත ප්‍රියෝ.

      Delete
  3. උඹට කියන්න බං //අනේ කෙල්ල ලොකු නොවී ඒ විදියටම හිටියනම්// ඔය ටික අම්මලගෙ පොදු ප්‍රකාශ‍යක්ද මන්දා බං. ගොඩක් වෙලාවට අහනවා.

    ReplyDelete
    Replies
    1. ප්‍රථුග්ජන මිනිස්සු විදියට කොයි අම්ම තාත්තත් කැමතියි බං තමන්ගෙ දරුවො හැමදාමත් තමන්ගෙ උකුලටම වෙලා ඉන්නවානම්. අවුරුදු 18ක් 20ක් දහදුක් විඳල දරුවො හදල ඒ දරුවො තම්න්ගෙ ලෝකෙන් ඉගිලිලා යනකොට කොහොම උනත් ඒක හදවතට වේදනාවක්. ඒක මනුස්ස ස්ව්භාවය. ඒත් මචං අපිට බෑ සොබාදහමට, ලෝකයේ පැවැත්මට එරෙහිවෙලා උඩුගම්බලා පීනන්න. ඒක ඉතින් තේරුම්ගත්තනම් මේ සමාජෙ තියෙන ප්‍රශ්න ගොඩක් අඩුවෙයි.

      Delete
    2. පියානනී ඔබෙ පුංචි කුමාරිය
      පුංචි මනාලියවී යන දවසේ
      එපා හඬන්නට එපා හඬන්නට 
      පුංචි මුනුබුරෙක් කැන්දම් එන්නම්
      මා හෙට දවසේ …

      Delete
    3. පත්තරයෝ...

      උඹනම් සිංදු මල්ලක් මචං. එළ කිරි!

      Delete
    4. ප්‍රියෝ,

      බ්ලපන්කො බං අපේ පත්තර සෑර්..

      Delete
    5. පත්තරේ මටත් උඔ චරිතයක්.. බලාගෙන ඉන්නේ දවසක වැව් බන්ටෙකක් උඞ තෙලක් දාලා දුමක් දාලා ෂින්දුවක් කිය්න.

      Delete
    6. ඕක එනව එකෙන්ම. ඉතාලියේ ඉඳන් එනවා. ඕ යේස්!!

      Delete
    7. මෙන්ඩියා උඹ ගමේ එකා… ගල් අරක්කු ඩිංගක් බීල ගහමු ෂිංදු සැට් එකක් එලිවෙනකං හරි .… මං එනවා එකෙන්ම.. ඕ යේස් බොක්කෝ !!!!

      මනෝ ආයෙ මක්කද ඉබ්බ දියට දැම්මම මචෝ :D

      Delete
    8. ඇන්නෑවේ කිව්වලු.

      Delete
    9. දුවේ නුඹ මගෙ ප්‍රාණයයි
      සැබෑ වුණ සුබ සිහිනයයි
      සෙනෙහසින් කුලගෙට පියනගන්නේ
      සනුහරේ අභිමානයයි

      මං මලක් ලෙස නුඹ නොහැදුවේ
      පෙති හැලී පරවෙන නිසාමයි
      දුක දිනා හිනැහෙන හැටි දුවේ
      නුඹ දැන උගත් පාඩම තමයි
      මිල මුදල නිල බල යා නොදෙයි
      කළ හොඳම විතරක් ඉතිරිවෙයි

      අප මී මුතුන් මිත්තන් එදා
      සිය ලේ කඳුළු දහදිය පුදා
      පරපුරෙන් පරපුරට රැගෙන ආ
      ඒ ගෞරවය මගෙ දුව තමා
      නුඹ යන්නෙ හිස් දෑතින් නොවේ
      ගෙනියන්නෙ ඒ අභිමානයයි

      ගී පද - බණ්ඩාර ඇහැළියගොඩ
      ගී තනු - රෝහණ වීරසිංහ
      ගායනය - සුනිල් එදිරිසිංහ

      Delete
    10. පත්තරේ මචන් , උඹ "දුවේ නුඹ මගෙ ප්‍රාණයයි" සින්දුව පහල කමෙන්ට් කරලා තියනවා දැක්කේ දැන් මචෝ ....
      මමකමෙන්ට් කියවන කොට දැක්කේ ..මටත් මතක් උනේ මේ සින්දුව බන් ...

      මනෝ වෙනද වගේම එළකිරි ,මමත් ඔය කට්ට අපුරුවට කැවා ඔය වගේ නැන්දම්මලා නිසා.පාන්දර සීතලේ කෙල්ලගේ ගෙදර ජනේලේ ගාවට ගිහින් රහසින් කතා කරපු විදිහ මතක් වෙනවා .කෙල්ලගේ ගෙදර හිටපු බල්ලා මගේ ෆුල් ෆිට් එක උනා .ඌට බනිස් ගෙඩියක් දුන්නම ගොඩ ...දැන් ඉතින් අපි දෙන්නා ඒවා මතක් කර කර හිනා වෙනවා මචෝ ...පට්ට ආතල් අතීතයක් ....(දැන් කෙල්ලෙක් ඉන්න තාත්තලා හිතන්නේ කොල්ලන්ගේ #යි ටික කපලා හරි කෙල්ල ආරක්ෂා කරගන්න )

      Delete
    11. අම්මට සිරි, ඔය තියෙන්නෙ කොල්ලෝ කිව්වලු. සිත්තර පටියක් වගේනෙ බං. උඹල දෙන්නට දැන් ඒකාලෙ මතක්වෙනකොට දැනෙන සතුට හිතාගන්න පුලුවන් මට. මට නිකං මැවිල පේනවා වගේ.

      මේ වගේ මතකයන් තමයි බං මේ බ්ලොග් එක හැඩකරන්නෙ. ගොඩක්ම ස්තූතියි මචං. ගීතය තවත් වරක් ගෙනාපු එක හොඳයි බං. ඒකෙ අවුලක් නෑ.

      Delete
  4. මේ මං කල්පනා ක ලේ අපිට අපේ දරුවෝ ඔහොම වෙන කාලෙක තිස්සට වගේ හිත න්න පුළුවන් වෙයිද කියලා ....

    නියමයි ....

    ReplyDelete
    Replies
    1. ලියපු මටත් සමහරවිට එහෙම බැරිවෙයි. මොහොතකට හරි යකා නටයි. ඒත් අපි හැමෝටම තිස්සලා වෙන්න පුලුවන්නම් තමයි හරි. ඒත් එහෙම කිසිම කෙනෙක් සැබෑ ජීවිතේ මට තව මුණ ගැහිලා නෑ.

      Delete
    2. ගොඩක් අම්මලා ගේ සිහිනය තමයි පහලින් තියෙන්නේ ...........


      රතු ගුරු පාරේ හැන්දෑවේ.....
      අක්කා නගෝ වාගේ......
      අතිනත පටලා යමු අප දෙදෙනා.......
      පුංචි දුවේ මාගේ.....

      දෙනෝ දහක් ලොව හිටියත් කම් නැත
      මට මව් හෙවන වගේ......
      බිහි වූ දා සිට අප ලං වී ඇත.....
      හෙවනැලි දෙකක් වගේ............

      රං දෝලාවක කුමරෙකු අත ගෙන......
      ඈත දුරක ඔබ යන දිනයේ......
      හිතා ගන්න බෑ කුමක් දැනේවිද......
      හිතට මගේ එදිනේ.....

      ගියද කොහේ මම ළගය ඔඹේ නිති......
      බෙදී බිදී නොම යේ.....
      යහළුවාට යෙහෙළියට මගේ ළග.....
      ඔබ පමණයි ඉන්නේ.....

      රතු ගුරු පාරේ හැන්දෑවේ.....
      අක්කා නගෝ වාගේ......
      අතිනත පටලා යමු අප දෙදෙනා.......
      පුංචි දුවේ මාගේ.
      දෙනෝ දහක් ලොව හිටියත් කම් නැත
      මට මව් හෙවන වගේ......
      බිහි වූ දා සිට අප ලං වී ඇත.....
      හෙවනැලි දෙකක් වගේ...........

      මහළු වියේ මා තනි වෙන දවසේ.....
      වාරු නොමැති පා ඔසවන්නේ......
      තනි නොතනිය මැද දුවේ නුඹයි මට......
      එදාට මව් වන්නේ........
      මා ගත සුවදයි ඔබ ගත සුවදයි.......
      කිසි වෙනසක් නැත්තේ......
      මමයි ඔඹේ දුව ඔබයි මගේ මව......
      භවෙන්‍ භවේ නිබදේ........

      රතු ගුරු පාරේ හැන්දෑවේ.....
      අක්කා නගෝ වාගේ......
      අතිනත පටලා යමු අප දෙදෙනා.......
      පුංචි දුවේ මාගේ.....


      රතු ගුරු පාරේ හැන් දෑවේ......
      අක්කා නගෝ වාගේ......
      අතිනත පටලා යමු අපි දෙදෙනා......
      පුංචි රුවක් වාගේ.......

      Delete
    3. ප්‍රේමකීර්ති ද අල්විස්ගෙ තවත් අපූර්වතම පදමාලවක් වෙච්ච මේ ගීතයට සංගීතය සපයල තියෙන්නෙ ස්ටැන්ලි පීරිස්. ලතා වල්පොල සමඟ, ධම්මිකා වල්පොල තමයි මේ ගීතය ගායනා කරල තියෙන්නෙ. කලකදී ඉතාම ජනප්‍රියව තිබූ නමුත් වර්ථමානයේ මතකයෙන් බොහෝ දුර ඈතට ගිහින් තියෙන හරිම අපූරු ගීතයක් තමයි මේ. ධම්මිකා වල්පොලගේ මේ ගීය ඇතුලත් කැසට් පටයකුත් නිකුත්වෙලා තියෙනවා රතුගුරු පාරේ නමින්.

      ඉතින් ඇනෝ, ඔබට අනේක වාරයක් පිං මගේ මතකයනුත් බැහැරවෙලා තිබුන මේ ගීතය යලිත් සවන් අතරට රන් ආවට. මේ ගීතය මේ පෝස්ට් එකත් එක්ක කොච්චර අපූරුවට ගැලපෙනවද. කොච්චරනම් මේ පෝස්ට් එක වර්ණවත් කරනවද. ඇත්තෙන්ම ස්තූතියි....

      Delete
  5. ඉස්සරහට අපිත් අපේ ළමයි ඔය වගේ වද්දී යකා නටයි..මම හිතන්නේ එහෙම යකා නටන එකත් සොබාදහමේම කොටසක් කියලයි. මොකද සාර්ථක අසාර්ථක ඕනෑම ආදර කතාවක මුල හරියේදී දෙපාර්ශවයේ වැඩිහිටියන්ගේ විරෝධතා තියෙනවා.

    එත් කවුරු මොනවා කලත් සොබාදහම එදා වගේම අදත් හිනාවෙවී ඉන්නවා. තමන්ගේ රාජකාරී අකුරට ඉෂ්ට කරනවා. හැමදේම වෙලාවට සිද්ධ වෙනවා.

    ReplyDelete
    Replies
    1. විභීෂණගේ අදහසනම් පංකාදුයි. ඇත්තටම දෙමවුපියෝ එහෙම විරෝධතා දැක්වුවේ නැත්නම් ආදරේ මෙලෝ රහක් නැතිවෙනවනේ. එහෙම උනානම් අදා මේ බිහිවෙලා තියෙන ගීත සාහිත්‍යත් නෑනෙ. කලාව උපදින්නෙ කඳුලින් වේදනාවෙන්. ඉතින් ඒ නිසා මේ නියත දහම පරම්පරාවෙන් පරම්පරාවට යන එකත් නරකාම නෑ.

      හැබැයි ඉතින් සොබාදහමට අභියෝග කලාටනම් වැඩක් වෙන්නෙ නෑ.

      Delete
  6. සොබාදහමේ ආශ්චර්යය තමයි මේ.. මෙන මොකක්ද?

    ReplyDelete
    Replies
    1. ඔය ටික හරියට තේරුම්ගෙන ජීවත් වෙන එක නොවැ අමාරුම.

      Delete
  7. කියවලා මොකුත් නොකියා පැය ගානක් කල්පනා කලා මොනවද කියන්නේ කියලා...
    මටත් ඉන්නේ පුංචි දුවෙක්, එයාත් තව ටික කාලෙකින් ඔය වයසට එනවා නේද කියල කල්පනා උනා.. එතකොට අරවගේ හිතන්න පුළුවන් මනසක් ඇතිකරගන්න පුළුවන්ද කියලා හිතුනා.. හැමදාම හැමතැනම අපි දකින දේවල් එක්ක අපිට පුළුවන්ද ඒ වගේ හිතන්න..
    මම තාමත් හිතනවා...

    ජ ය වේ වා !!!!

    ReplyDelete
    Replies
    1. අහසක් සේ දූ යන මඟ
      පුළුන් වළා අතුරනවා
      එහෙමයි මගේ දොණී
      මං රැක ගන්නේ
      පණ වාගේ මගෙ දූ
      මං රැක ගන්නේ… !!!

      Delete
    2. විදානෙ,

      අමාරුවෙන් හරි ඒ තත්වෙට හිත හදාගත්තන්ම් වෙන්න තියෙන ප්‍රශ්න ගොඩක් මඟහැරෙනවා. කොහොමත් දූ සිඟිත්ත ඉස්කෝලෙන් අවුට් වෙනකල් හරි එහෙම දෙයක පැටලෙන්නැතිව හීයොත් නම් අවුලක් නෑ. ඒත් එයා කරන තෝරා ගැනීම සීයට සීයක් හරිනම්, ඒකෙන් එටාගෙ ජීවිතෙයි, ඔඋආලගේ ජීවිතයි එළිය වෙනවනම් ඒත් අවුලක් නෑ. ඒ අවබෝධය පුංචි කාලෙ ඉඳලම ලබා දුන්න නම් හරි අර කිව්ව ක්‍රමේට.

      Delete
    3. පත්තරේ මචං,
      ඔය උඩ කතාවෙ කියා තියෙන පාරෙ ගියත් උඹ පුලුන් වලා අතුරනවද බං?

      අන්න පියවරු!!

      Delete
    4. ඔය කිව්වට අතුරන පුලුන් වලාවක් නෑ බං මං හිතන්නෙ කේසෙක මේකයි ඔය තිස්ස කාරයා ගෙම්බා ඌ ලව් කරලා තියෙන්නෙ පරම පිවිතුරු විදිහට.ඒ උනාට ඔය කුසුම් ඇන්ටි කොටු 3 4ක් පැනපු සුපිරි බඩුව.ඒකිට බයයි කෙල්ල ඒකි වගේ වෙයි කියලා.අරූ බය නෑ මොකෝ ඌ හිතන් ඉන්නෙ ඌ වගේ අනිත් කොල්ලොත් සත්‍ය ප්‍රේම බුංගරාජයෝ කියලා.අපිටත් කෙල්ලෙක් ඉන්න දවසට ඒකි කාත්තෙක්ක හරි හුට්ටප්පරයක් කියලා දැන ගත්තම හිතෙන්නෙ අපි කෙල්ලො එක්ක කරපුවා.ඉතින් ඕක පත්තරේට සාපේක්ශව බැලුවම.අනේ බං උඹයි මායි අතුරන පුළුන් වලා.

      Delete
    5. අම්මප මලේ උඹේ කට තමයි කට. උඹ බ්ලොග් වලට එන්න මෙච්චර ප්‍රමාද උනේ ඇයි. කතාව ලියපු මටත් කුසුම් ගැනයි, තිස්ස ගැනයි තිබුන ප්‍රතිරූපය නැතිවුනා වගේ උනා උඹේ කමෙන්ට් එක දැක්කම.

      Delete
    6. අඩේ මං මේ දවස් වල මචො ප්‍රේමෙන් මුසපත් වෙලා කුජීත වෙලා ඉන්නෙ ඒකයි ඔහොම අයිඩියා එන්නෙ.

      Delete
    7. අහා!! ලේසි පාසු ලෙඩක් නෙවෙයි මල්ලියාට වැළඳිලා තියෙන්නෙ. උඹටත් පුතේ එහෙනම් තුණුරුවනේ සරණයි!!!!

      Delete
    8. ආ..කියන්න අමතක උනා,

      මුසපත්වෙලා කුජීතවෙලා හිටියට කමක්නෑ, පජාත වෙන්න එහෙම එපා ඕං.

      Delete
    9. කැඳ බිව්වත් බෙට්ට කෙලින් මචෝ.මූනු පොතේ රිකුවෙස්ට් පොජ්ජක් දාලා ඇති ඒක මංදො කොරාපං

      Delete
    10. අනේ මලේ ඔය බුකියක් නම් මටත් තියේ. ඒත් මට ඕකෙ මෙලෝ රහක් නෑ. ඒ නිසා මං ඒක්ත් එක්ක තියෙන ගනුදෙනු අඩුකරල තියෙන්නෙ බං.

      Delete
  8. මම නම් හිතාගෙන උන්නේ දුවෙක් හම්බ උනොත් ගේ ඉස්සරහ පොල් ගහක් හිටවන්න. කොල්ලන්ට සයිකල් හේත්තු කරන්න. මොකෝ දැන් ඉස්ටෑන්ඩ් තියෙන සයිකල් පදිනවා කියලය කොල්ලෝ. ඒත් හම්බ උනේ කොල්ලෙක්. දැන් මම කොල්ලට සයිකලේ අරන් දීලා තියෙන්නේ. හේත්තු කරන්න තැනක් හොයා ගන්න එයාගේ වැඩක්..

    ReplyDelete
    Replies
    1. අන්න කතාව. හැබැයි ඉතින් බයිසිකලේ හේත්තු කරන එකා දැනගන්නෝනි හොඳ පොල් ගහක ඒක හේත්තුකරගන්න. ඒවගේම පොල් ගහ හදපු එකා දැන්ගන්නෝනි පාරෙ යන හැම බයිසිකලේම ඒකට හේත්තු නොකරගන්න.

      Delete
  9. දුවේ නුඹ මගෙ ප්‍රාණයයි
    සැබෑ වුණ සුබ සිහිනයයි
    සෙනෙහසින් කුළගෙට පියනගන්නේ
    සනුහරේ අභිමානයයි

    මම මලක් ලෙස නුබ නොහැදුවේ
    පෙති තැලී පරවෙන නිසාමයි
    දුක දිනා හිනහෙන හැටි ලොවේ 
    නුබ දැන උගත් පාඩම තමයි
    මිල මුදල නිල බල යා නොදේ
    කල හොඳම විතරක් ඉතිරි වේ ......

    අප මීමුතුන් මිත්තන් එදා සිය
    ලේ කඳුලු දහදිය පුදා
    පරපුරෙන් පරපුරට රැගෙන ආ
    ගෞරවය මගෙ දුවතමා
    නුබ යන්නෙ හිස් දෑතින් නෙමයි
    ගෙනියන්නෙ ඒ අභිමානයයි ...…

    පද රචනය : බණ්ඩාර ඇහැළියගොඩ
    තනුව : රොහන වීරසිංහ
    ගායනය : සුනිල් එදිරිසිංහ

    මචං… කියන්නෙ මොකද්ද කියල කල්පනා කරද්දි ඔලුවට ආවෙ මේ සිංදුව.… දුවෙක් ඉන්න තාත්තෙකුට.… මෙන්න මගෙ ගානෙ මචෝ… !!!!!!!!! ආයෙ එන්නං

    ReplyDelete
    Replies
    1. ස්තුතියි පත්තරේ..

      Delete
    2. ෆිට් තමා බොක්කෝ …

      Delete
    3. පත්තරේ,
      උඹනම් සිංදු උල්පතක් බං. දුවෙක් ඉන්න තාත්ත කෙනෙක්ට මේ සිංදුව අහනකොට අනාඅගතේ එන ඒ දවස මැවිල පෙනිලා දුකක් මිශ්‍ර සතුටකින් ඇහැ අගට කඳුලක් මෝදු නොවුනොත් තමා පුදුමෙ.

      මේ ගීතය මෙතනට ගෙනාවට උඹට තැන්කූ මචෝ..

      Delete
    4. විදානෙ, ප්‍රියෝ..

      උඹල දෙන්නම දූවරු ඉන්න තාත්තලා නිසා මේ ගීතය හදවතටම වදින බව අපිට තේරෙනව මචෝ..

      ස්තූතියි උඹලටත්.

      Delete
    5. පුරේ කොල්ලෙක් විම නිසා මට උඔ ගැන බොක්කෙන්ම අඞම්බරයි පත්තරේ.

      Delete
    6. අනුරාධපුරේ අනුරාව නැඟූ මහ මිහිඳු කුලේ ඉපදී...........

      Delete
    7. ආයෙ මක්කද මචෝ පුරේ හුළඟත් සැපයි බං… දෙයියම්පල්ලා !!!!!!

      Delete
    8. ගිනි රස්නෙ මිශ්‍ර වෙලා එන ගිනි හුළඟ!! අම්මේ මේ දවස් වල අපිනම් ඕක සිත් පුරා විඳ දරාගෙන ඉන්නෙ.

      Delete
  10. හරිම අව්‍යාජ අදහස් ටිකක් තමයි මේ ගීතවත් වෙලා තියෙන්නේ. අපට ස්වභාවධර්මයට එරෙහිව යන්න බෑ.

    ReplyDelete
    Replies
    1. මේ අව්‍යාඅජ අදහස් පිලිපදින්න පුලුවාන් තාත්තලා අපි අතර ඇත්තෙ කීයෙන් කීදෙනාද.

      Delete
  11. මේ සින්දුව කොතරම් පැරණි උනත් ඇත්තම කිව්වොත් මම ඇහුවේ මෑතකදී, සුනිල් එදිරිසිංහගේ ගීත අහන්න ගියපු සන්ධ්‍යවකදී. එක පාරින්ම මගේ හිත මැද්දට ගලක් අත්හැරිය වගේ මට දැනුනේ. මුකුත් හින්ද නෙවෙයි, අපි අපේ හැසිරීම් ගැන අනිත් අයගේ ඔලුවෙන් කල්පනා නොකරන හින්ද....

    මේ අදාළ කරුණේදී නම්, හැසිරෙන විදිය මේ සින්දුවේ විදියම වේවි.. මොකද ඕක මගේ අම්ම මට කියල දීපු ජීවන පාඩම් වලින් එකක් හින්ද... මම මේ සින්දුවට හරිම ආසයි. පදමාලාව හොයාගන්න බැරුව හිටියේ. කෝරස් එකයි, සින්දුවේ සමස්ත අර්ථයයි විතරයි මතක තිබ්බේ.

    ස්තුති

    ReplyDelete
    Replies
    1. මුලින්ම උපේක්ෂාව ඉතාම සාදරයෙන් පිළිගන්නවා මගේ බ්ලොග් එකට.

      සුනිල් එදිරීංහයන්ගෙ සිය ගානක් ගීත අතර මගේ සිත තදින්ම බැඳගත්ත ගීතයක් තමයි මේක. එහෙනම් පද රචනය ආයෙ අමතක නොවෙන්නම ගීතය පිටපත් කරල තියාගන්න අද.

      Delete
  12. අගෙයි අගෙයි මනෝෂ්.................... හරිම අගෙයි..................

    මං විශේෂයෙන් ම මෙහිදී කතා කරන්නේ මේ ගීතය තේරීම ගැනයි. ඇත්තම කියන්න ඕනේ. මං මේ ගීතය මීට පෙර අහලා නැහැ. දැන්ම අහනවා. මට මග ඇරුණ හරිම ලස්සන අදහසක් ඇති ගීතයක් වගෙයි. ඇත්තට ම අපි කරන දේවල් ටික කාලයක් ගියාම දන්නැහැ වගේ ඒවට විරුද්ධව කතා කරන එකට මාත් විරුද්ධයි. මේ වගේමයි තරුණයින් ගැන අද සමාජයේ අදහසත්.ඔවුන් විනෝද වෙන එක බොහොමයක් දෙනාට පේන්න බැහැ. මං කියන්නේ ඔවුන් යම් යම් සීමා තුළ ඉදන් විනෝද වෙනවානම් අපි ඒකට විරුද්ධ විය යුතු නැහැ කියන එකයි. ඒත් ඒක එදා අපි දාගත්තු සීමාමයි කියලා කියන්න බැහැ. අද සමාජය වෙනස්. ඒවා අපිට තේරුම් ගන්න පුළුවන් වෙන්න ඕනේ. මේ ගීතය නියමයි. ඔබේ සංවේදනාව ගැන ඉතින් අමුතුවෙන් කියන්න දෙයක් නැහැ කියලා දන්නවානේ........................................

    ReplyDelete
    Replies
    1. මල් පිපිලා මගේ ඉහේ දැන්නම් කුරුටු.....

      ඇත්ත ගී පවුරේ. නව පරපුර වෙනුවෙනුත් මේ කාරණාව සාධාරණයි. අද උන්ට බයිල කියන ඔය යල් පැනපු "වැඩි හිටි" උදවිය එයාලගේ තරුණ කාලෙ කරල තියෙන තරම් නසරානි වැඩ දැන් එවුන් කරන්නෙ නෑ. සමාජයට හිරිහැරයක් නැතිව කවුරු මොන විදියට සතුටු උනත් මටනම් කමක් නෑ. හැබැයි තම්න් තමන්ගෙ සීමාව හරියාකාරව අවබෝධකරගෙන ඉන්නෝනි.

      ගී පවුරට මඟහැරුණු ගීතයක් ලබාදෙන්න පුලුවන් වෙච්ච එක ගැනනම් ගොඩක්ම සතුටුයි මට.

      Delete
  13. හුඟක් වෙලාවට වෙන දෙයක් තමයි තමයි තමන්ටත් එහෙම කාලයක් තිබුනා කියන එක හුඟක් දෙනෙක්ට අමතක වෙන එක.. ඊට පස්සේ මේ වගේ දේවල් දිහා බලන්නේ වෙනස් විදිහට.. ඉතින් මත ගැටුම්..

    මම මේ සිංදුව කීපවතාවක් අගලා තියෙනවා..

    ReplyDelete
    Replies
    1. චක්‍රයක් වගේ වෙන්නෙම ඕක තමයි දිනේෂ්. එක අතකට ඕක නොවුනොත් මේ ලෝකෙ කිසිම රසයක් නැති කලාවක් නැති ලෝකයක් වෙයි. කලාවෙ පදනම විරහව මටනම්.

      Delete
  14. මේක නම් පට්ට පට පට මචෝ.කුසුම් ඇන්ටියි තිස්ස අංකලුයි ගැන මං උඩ ලිව්වා.මට කියන්න තියෙන්නෙ ලබන ආත්මෙවත් මට තිස්ස වගේ මාමන්ඩියෙක් ලැබේවා!!!! කියලා තමා(දැන් ඉන්න දෙන්නම කුසුම්ලා ) :D

    ReplyDelete
    Replies
    1. හෙහ්!! රෝස මල් පෙති දාපු පාරකට දාල හා පලයං ආදරේ කරපං කිව්වනම් උඹත් යයි පැනල නේද බං. ඔහොම මාමණ්ඩියෙකුයි නැන්දම්මා කෙනෙකුයි ඉන්නෙක ගැන සතුටු වෙයං. නැත්නම් උඹේ හොට බිම ඇනිච්ච කාලෙක දරු මුණුපුරෝ වටකරගෙන කියන්න කතාවක්වත් නැතිවෙනවනෙ බං.

      Delete
    2. ළමයි හදන්න තියා බැඳල හනිමූන් වත් යන්න දෙයිද දන්නෙ නෑ බං උන් දෙන්නා.මේක ගෙවල් වලට කියපු දවසෙ ඉඳන් කෙල්ල ගෙයින් එලියට දාන්නෙ නෑ බන් ස්කයිප් හොයාගත්ත එකාට පින් අයිති වෙන්න මූන ටිකක් බලා ගන්නවා.ආතල්ම කතාව උන් දෙන්නා බැදලා තියෙන්නෙත් ලවු කරලා මං ගෑනිට කිව්වා.තොගෙ අම්මයි අප්පොච්චයි ඒ කාලෙ කියපු කොරපුවා මට හිතා ගත්තැකි කියලා :D

      Delete
    3. ඉතින් බං පාරට තොටට බැහැල රට්ටුන්ගෙන් හැංගි හැංගි පෙම් කෙලිනවට වඩා උඹට පෑදිලා තියෙන පින් කොච්චර ෂෝක්ද. කාමරේට වෙලා ඇතිතරම් ඕනි මඟුලක් කරගත්තෑකිනෙ. බොට හැබැයි අතින් අල්ලන්න බෑ නේද? ඒත් ඉති පාරට බැස්සත් අත්වැල් බැඳන් යන්න පුලුවනෑ. ඔන්න ඔහෙ පෑදිච්ච පින මතුකරගෙන ඉඳහන් බං සොමියෙ.

      Delete
    4. අම්මටහුඩු මල්ලි මචං $# ෂීන් එකනෙ ඒක ..ඔබෙ සිනහව තහනම්- ගෙදරින් මට තහනම්..චැහ්
      ඔයිට වඩා දුකක් ඇද්ද බං මේ ලෝකෙ.. ගෑණි ගෙදර තනියෙං දාල කෂ්ටිය මළගේකවත් යන් නැද්ද .. මූණ ඩිංගක් බලන් නැතුව කෝමද යකෝ ඉන්නේ .. ?????? ඊට හොඳයි වහ කාල කැලේ රිංගනවා. අම්මපා !! ඕ යේස් … ඔය චාටරේ නං වහ. !!! මං.දන්නවා නෙවැ ටොපිය. එකම බේත සිංදුයි අරක්කුයි !!!!!!!!

      Delete
    5. \\ගෑණි ගෙදර තනියෙං දාල කෂ්ටිය මළගේකවත් යන් නැද්ද //

      ඕ බලහල්ලකො ඉතින් මූ කියන කතාව. ඉතින් තිස්සලා වගේ තාත්තලා හිටියට වැඩක් යැයි. මල් පිපිලා නතර වෙන්නෙ නැතිවෙයිනෙ මෙහෙම කලොත් එහෙම.

      \\එකම බේත සිංදුයි අරක්කුයි !!!!!!!!//

      ඕවට එහෙම අහුවෙන්නෙපා මලේ. මේක වැටිච්ච වලට උඹවත් ඇදල දාන්න යන්නෙ ඔය. ඕ යේස්!!!

      Delete
    6. කෙල්ල ගෙදර දාලා කොහෙ ගියත් වැඩක් නෑ බං ගමේ හැම එකාම දන්නවා මං මොකාද කියලා ඉතින් නිකං ඒ පැත්තෙන් වෙන ගමනක් වත් ගියොත් අර කෙලී ගෙදර වසලා හමාරයි.පත්තරේ සිරාවටම උඹට කියන්න මේකි ගහන්නෙ.එසේ මෙසේ ප්ලෑන් නෙමෙයි.එයා මට බොන්න එපා කියන්නෙ නෑලු.ඒත් මට ගෑස්ටික් නෙව ඒක හොද වෙනකල් නවත්තන්නලු.අයියෝ සල්ලි.ඕක ඉතින් මේ ආත්මෙ හොද වෙන ලෙඩක්යැ

      Delete
    7. අන්න කෙල්ලො. බීපන් උඹත් බෙලිමල්. ගෑස්ටික් වලටත් හොඳයිනෙ.

      ඒකියන්නෙ මුලු ගමම දන්නවා සතා කවුද කියන එක???

      Delete
    8. ඔව් බං බෙලිමල් තමා බොන්න වෙන්නෙ.:D

      Delete
  15. පෝස්ට් එක කියෝල ඉස්සෙල්ලාම කරේ සින්දුව අහපු එක..මේක කලින් අහල නෑ බං.
    සොබාදහම වර්ණනා කරල තියෙන ටිකට මං පට්ටම කැමතියි..
    බුක්මාර්ක් කරල තියාගන්න වටින ලිපියක්... :D

    ReplyDelete
    Replies
    1. සොබාදහමෙ නියත් දහමට මාත් මාරම ආදරෙයි මචං. පෝස්ට් එක සම්බන්ධයෙන් උඹේ අගය කිරීමට අනේක වාරයක් ස්තූතියි.

      Delete
  16. පටට් මනෝ...
    පොඩි පොඩි අඩුපාඩු නැතිවම නෙවෙයි...
    (අනික් උංට නොපෙනෙන දේ මුට විතරක් පේන්නෙ ඇයි කියල අහන්න එපා... )මට දැනෙන විදියට කතාව ඉස්තරම්.. ඒකෙන් දෙන වටිනාකම ඊටත් ඉස්තරම්...
    ඒත් (හැම තැනම නෙවේ) යම් යම් තැන්වලක පොඩා කෘතිම ගතියක් තියේ...
    කතාවක් ලියද්දි හදිසි වෙන්න එප.. ඉවසිල්ලෙන් ලියපං...
    පේනවනෙ මං ලියන බහුබූත..
    විනාඩි දෙකයි තුනයි ලියලත් ඉවරයි... උඹ එ වගේ නෙවේනෙ.. හොදට ලියන්න පුලුවං උන එකා වෙච්ච එකේ හොදට ලියන්නබලපං

    ජයවේවා

    ReplyDelete
    Replies
    1. මේක ලියනකොටත් දෙතුන් වතාවක්ම කලින් පෝස්ට් එකට උඹ දූන්නු කමෙන්ට් එක මතක් උනා. කියන්න තියෙන දේ ඇඹරි ඇඹරු ඉන්නැතිව අන්න එහෙම කෙලින් කියනවට මං එකෙන්ම මනාපයි. අවුල්ක් නෑ මචෝ. මේක මෙච්චර හරි සාර්ථක උනේ කලින් එකේ උඹේ විවේචනය හින්ද.

      Delete
  17. උඔ අලුත් දෙයක් ලියලා නැ කියලා මම උඔට බැනලා කමන්ටුවක් දැම්මා වෙන බොලොග් එකක සොරි මචං.
    හැමදාම වගේ එල ද බ්‍රා.

    ReplyDelete
    Replies
    1. මොනවටද බං සොරි කියන්නෙ? උඹලට එහෙම මේ පැත්ත මතක් වෙන එකත් කොච්චරනම් දෙයක්ද? උඹේ ඒ කමෙන්ට් එකේ ලින්ක් එක දාහංකො බං මටත් බලන්න.

      Delete
    2. අනේ මචං ලින්ක් දාන්න දැනුම නෑ. වර්ණ බොලොග් එකේ දැම්මෙ ඌ මට එකට උත්තරත් දිලා.

      Delete
    3. ආ හරි බං, මං ඒක දැක්කා. මාත් රිප්ල්යි එකක් දැම්මා.

      ඒ බ්ලොග් එකේ ඇඩ්‍රස් එක කොපි කරල මෙතන තිබ්බනම් හරි බං.

      Delete
  18. අපූරු ගීයකට අපූරු වියමනක්..
    තිස්සගේත් කුසුම්ගේත් පරම්පරාව නොවන නිසා දුවට මේ සිතුවිල්ල ගැලපේද කියලා හිතන්න අමාරුයි.. දැන් ඉතින් දුරකථනයේ ඉඳන් ස්මාට් දේවල් නොවැ තියෙන්නේ.. :D

    ReplyDelete
    Replies
    1. මුලින්ම ඔඅබව ඉතාම සාදරයෙන් පිලිගන්නවා.

      ලෝකෙ කොච්චර ස්මාර්ට් වෙලා තිබුනත් මිනිස්සුන්ගෙ හැඟීම තාම පරණයි රූ. අනික වෙන සාර්ථක ක්‍රමේකුත් නෑනෙ මේව වලක්වන්න. මේ ඉර හඳ යට කිසිම දෙයක් අලුත් නෑ කියනවනේ. හැමදාම වෙන්නෙ කලින් සිද්ධවෙච්ච දේවල්ම තමයි. චක්‍රයක් වගේ පරම්පරාවෙන් පරම්පරාවට මේ දේවල් යනවා.

      Delete
  19. මම ආසම සින්දුවක් මනොෂ්.. උබ නම් මාරයි. කතාව නියමෙට ගලපලා ලියල තියෙනවා. මං මේ සින්දුවට කැමති මේකත් එක්කම මට අපේ දෙමවුපියෝ, විශේෂයෙන්ම මගේ අම්මා මගේ අදර කතාව දිහා උපේක්ෂාවෙන් බලාගෙන හිටපු හැටි මතක් වෙන නිසා. අම්මත් තාත්තත් මං ගැන සම්පුර්ණ විශ්වාසය තිබ්බ නිසා කිසිම විදිහකින් මැදිහත් වෙන්න උත්සහ කලේ නෑ. මමත් ඒ දෙන්නව හොද හැටි දැනන් හිටිය නිසාම කිසි විදිහකින් හංගන්න උත්සහ කලෙත් නෑ. අවසානයේ හැම දේම හොද විදිහට විසදුනා.

    ReplyDelete
    Replies
    1. ගොඩක් ස්තූතියි වීරේ. වීරෙට හම්බෙලා තියෙන්නෙ මිනිහෙක්ට ගොඩක් කලාතුරකින් හම්බෙන දුර්ලබ මාපිය යුවලක්. මහ පොලොවෙ පයගහපු හරිම විවෘත දෙමාපිය යුවලක්. ඇත්තෙන්ම හැමෝම ඔහොම හිතුවනම් මේ තියෙන අර්බුධ ගොඩක් නැතිවෙලා යනවා. සියේට අනූවක්ම දෙමවුපියො සම්බන්ධෙකට විරුද්ද වෙන්නෙ ළමයට ඒකෙන් අවැඩක් වෙයි කියන බයට වඩා එයාලගේ සිහින මුදුන්පමුණුවා ගැනීමේ අරමුණෙන්. ඒත් දෙමවුපියෝ කියන්නෙ එතනින් එහාට ගිය තම්න්ගෙ සතුට දරුවන්ගෙන් බලාපොරොත්තුවෙන උදවිය නොවෙන්න ඕනි. මගේ ජීවිතේ කවදාවත් මං මගේ හීන දරුවන්ගෙන් සපුරගන්නෙ නෑ. ඒ වගේම මගේ සතුට වෙනුවෙන් දරුවන්ගේ සතුට බිලිදෙන යක්ෂයෙක් වෙන්නෙත් නෑ.

      Delete
  20. පසු බිම සුදු කරන්න. අකුරු කළු කරන්න. පිංතූර හා චිතු පාටින යොදන්න. මෙතන පවතින ආකාරය සාර් ථක නැත. Contrast එක මදි.

    ReplyDelete