Pages

Sandumal

Sandumal

Sunday, April 27, 2014

•සෙනෙහසකට අරුතක් පුරවන්නට


"අකාලේ මියගිය සෙනෙහසේ ගීතය..."






මගේ සිත මීට වසර තිස්එකක් තරම් ඈතට දිවයයි. සාමාන්‍යය පෙළ විභාගයෙන් සමත් ව මම උසස් පෙළ විද්‍යා අංශය තෝරාගෙන සිටියෙමි. කොළඹ ආනන්ද මහා විද්‍යාලයේ විද්‍යා අංශයේ ඉගෙනුම ලැබූ මම විද්‍යා අංශය තෝරාගැනීම පිළිබඳ ව පශ්චාත්තාප වෙමින් සිටියෙමි. අප පාසලේ පස්මහල් විද්‍යාගාරයට යාබද ව දෙමහල් විද්‍යාගාරයක් පැවතිණි. එහි බිම් මහලේ කොරිඩෝව විවිධ දැන්වීම් පුවරු සඳහා වෙන්වී පැවතිණි. මේ කොරිඩෝව දිගේ යමින් සිටිය දී මගේ මිත්‍රයකු මගෙන් පැනයක් ඇසීය.

"උඹ ප්‍රණීත් අයියා දන්නවද?"

ඔහු ප්‍රශ්න කළේ පාසලේ ජ්‍යේෂ්ඨ සිසුවකු පිළිබඳවයි. පැසිපන්දු ක්‍රීඩාව ගැන පමණක් තදින් සිත යොමා සිටි මා මිත්‍රයාට පැවසුවේ නොදන්නා බවකි. ඉන්පසු දැන්වීම් පුවරුවක් ළඟට මා කැඳවාගෙන ගිය මගේ මිත්‍රයා එහි සවිකර තිබූ කවි පෙළක් මට පෙන්වීය.

"ආට් එකේ අයියා කෙනෙක්, ලස්සනට කවි ලියනවා..."

එකල කවි ගැන මට උනන්දුවක් නොතිබුණු බැවින් මම "ආ එහෙමද?" යනුවෙන් පැවසීමි. ඉන්පසු පන්ති කාමරයේ දී මගේ මිත්‍රයා පොත් අතරින් කාන්තා පුවත්පත් පිටුවක් ගෙන පෙන්වීය.

එහි ද ප්‍රණීත් අභයසුන්දර නම් වූ ජ්‍යේෂ්ඨ ශිෂ්‍යයා ගේ කවි පෙළක් දක්නට ලැබිණි. විද්‍යා විෂය ගැන කලකිරී සිටි මට කලා ශිෂ්‍යයන් ගැන ආදරයක් ඇති විය.

පසුව විද්‍යා විෂයයන් අතහැර කලා විෂයයන් තෝරා ගැනීමට මෙවැනි සිදුවීම් ද හේතු වූවා පමණක් නොව ප්‍රණීත් අභයසුන්දර යන නම ද මා තුළ නොමැකෙන ලෙස සටහන් විණි. ඉන්පසු මා ඔහුව දුටුවේ “ජෝන් ද සිල්වා” සමරු රඟහලේ "අහෝ මිත්‍රවරුනි" නමින් මා කවිපොතක් එළිදක්වන අවස්ථාවේදීය.
ඉන්පසුව වරක් දෙවරක් කතාබහ කරන්නට අවස්ථාව ලැබුණ මුත් අප අතර ඇසුරක් නොවිණි. එහෙත් මේ ජ්‍යේෂ්ඨ ශිෂ්‍යයා කීර්තිමත් ගීත රචකයකු වූ ආකාරයත් සරසවි ඇදුරකු වූ ආකාරයත් කීර්තිමත් විද්වතකු වූ ආකාරයත් මා පසෙකට වී බලා සිටියේ පාසල නිසා උපන් නිහඬ ආඩම්බරයකිනි.

ඔහු ලියූ ගීත රචනා අප්‍රමාණ ය. මා අද මේ ගීතය තෝරාගත්තේ, ඊයේ හවස මට කලකට පසු මේ ගීය අසන්නට ලැබූ බැවිණි.

"සෙනෙහසකට අරුතක් පුරවන්නට
අහසේ තරු ගැන්නා
වෙරළේ රළ මැන්නා
සීමාවක් මායිමක් නැතැයි කී
සෙනෙහස ඇයි දෙතැනක තනිවී..."



හදවත උපන් ආදරයේ නාමයෙන් එකවහළක් යටට එක්වීමට පෙරුම් පිරූ පෙම්වත් යුවළකගේ අහඹු දුරස්වීමක දෝංකාරය මේ පදමාලාව තුළ අන්තර්ගත ය. ආදරයෙන් එක්වීමට ඔවුන් ගත් අසීමිත උත්සාහය, "අහසේ තරු ගැන්නා... මුහුදේ රළ මැන්නා" වැනි ප්‍රකාශයන්ගෙන් රචකයා දැනුම්වත් කරයි. ජීවිතයේ සදාකල් එකට ගමන් කිරීමට, අහසේ තරු ගණින, මුහුදේ රළ මනින පෙම්වතුන් කොතෙක් වේද? එහෙත් ඔවුහු සක්වාලිහිණින් මෙන් අවසානයේ දෙතැනක තනිවෙති.

මට මේ මොහොතේ ගී පදමාලා කීපයක් ම සිහිවේ. ආදරය සමඟ මුසුවන කඳුළ මෙන් ම ඒ මඟින් උරුමවන අප්‍රමාණ දුක් කන්දරාව ඒ නිර්මාණ තුළ ගැබ් ව පවතී.

"චේතනා පරිශුද්ධ වූ වත්
පෙම් සටන් පරදී
අසාධාරණ හැගුම් කැටිවුණු
කුරිරු මිනිසුන් වෙසෙන ලෝකෙක
චේතනා පරිශුද්ධ වූවත්
පෙම් සටන් පරදී.."

(Chethana Parishudhdha Wuwath - Sanath Nandasiri)


"පෙම්වතියන්නේ පෙම්වතියන්නේ
මහා සාගරේ
කඳුළෙන් ජල කඳ සැදුණේ
සුසුමෙනි රළ නැඟුණේ
පෙම්වතියෝ..."

(Pemwathiyanne Pemwathiyanne - Anjalin Gunathilake)



"කැකුළක් සිඳුනෙන් හදවත පිපුණු
කඳුළෙන් කටු මත විෂ තිබුණා
බිඳුණොත් බඳුනක පිළියම් කරනට
බැරි කැළලක් මතු වී තිබුණා.."

හදවතේ ආදරයේ කැකුළ මෝදුවන විට ම නටු අග කටුවල විෂ දැනෙන්නට පටන්ගනියි. ඒ පෙම් කැකුළ පෙති විදහා විකසිත නොවන්නේ ඒ විෂ නිසා ය. ඒ නිසා ම ඒ නැවුම් ආදරය නැවත යා කළ නොහැකි බිඳෙන බඳුනක් බවට පත්වෙයි. පිරූ පාරමි දම් ගඟට කැපූ ඉනි බවට පත්වෙයි. මෙය සංසාරයේ කළ අකුසල් පලදීම විනා වෙන කුමක් ද?

"පවකින් පෙර අත් භවයක සිදුවූ
සිතකින් සිතකට දුක පිරුණා
මගෙ අත දිගු කළ හැකි හැම තැනදී
ඔබ අත මා දුරකින් තිබුණා.."

මෙහි හැඟීම්බර ම ප්‍රකාශය වන්නේ අවසාන ප්‍රකාශයයි.

"මගෙ අත දිගු කළ හැකි හැම තැනදී
ඔබ අත මා දුරකින් තිබුණා..."



මේ ප්‍රේමයේ දිග්විජය ලැබීමට පෙම්වතා ගත්තා වූ අපරිමිත උත්සාහයත් එහෙත් ඇය දිනාගැනීමට ඒ හැම අවස්ථාවේදී ම ඔහුට නොහැකි වූ ආකාරයත් ඒ මඟින් හැඟීම්බර ව ප්‍රකාශ වේ.

අසංග ප්‍රියමන්ත පීරිස්, මඟ වරදාගත් ගායකයකු වුවද මේ ගායනයේ දී ඔහු ගේ පැරණි ප්‍රතිභාව නැවත නැවතත් ඉස්මතු වෙයි. අසංගගේ හඬ හා ගායන ලාලිත්යය, වෙළෙඳ රැල්ලෙන් එහා යා හැකි හඬ පෞරුෂයකි. ඔහු එයින් ප්රයෝජන ගන්නා බවක් නොපෙනේ. එහෙත් තම ගීත චාරිකාවේ මතක සටහන් රැසක් ඔහු අපට ඉතිරි කිරීමට තරම් කාරුණික වී තිබේ. මේ ගීතය ඒ අතරින් එකකි.

මහින්ද බණ්ඩාර නිර්මාණශීලී සංගීතඥයෙකි. එහෙත් ඔහුට ද ඒ ගමන යාමට උවමනාවක් ඇති බවක් නොපෙනේ. නැතිනම් ඔහුට ලැබෙන පදමාලා ඔහුට යමක් කළ හැකි නිර්මාණ බවට පත්වන අවස්ථා විරල විය යුතුය. එහෙත් මේ ගීතයේ දී මහින්ද බණ්ඩාර නැමැති ශිල්පියා ඉක්මවා සංගීතඥයා ඉස්මතුවේ. ලිපිය අවසන් කිරීමට පෙර සුනිල් ආරියරත්නයන් ගේ පදමාලාවක අවසන් වචන පෙළ මෙහි තැන්පත් කරමි.

"ආලයට දිවි පිදූවන් මිස
ආලයෙන් ජය ලැබූවන් නැත
කඳුළකින් තොර පෙම් කතාවක
සටහනක් හමුවේද කිසිදින..."










(Senehasakata Aruthak Purawannata - Asanka Priyamantha Peries)







***************************************************************************


ධම්මික බංඩාරයන් විසින් විචාරය කරන ලද අද මා ඔබ හමුවට ගෙන ආ මෙම ගීතය ප්‍රේමයේ විරහ වේදනාවෙහි කටුක රසය විඳගත් සුවහසක් ප්‍රේමවන්තයන්ගේ හා ප්‍රේමවන්තියන්ගේ හදවතෙහි ගැඹුරුම තැන් ස්පර්ෂකොට හොර රහසින් හෝ නෙතට කඳුලක් ගෙන එන වඩාත්ම සංවේදී ගීතයක් වනවාට කිසිදු සැකයක් නැත. 

අමරණීය වූ ප්‍රේමයක නටඹුන් අතර සක්මන් කරන්නෙකුට මෙම ගීතය ඇසෙන වාරයක් පාසා තමන්ට අහිමි වූ මහමෙරක් තරම් වූ ප්‍රේමය සහ එය පරිස්සම් කරගැනීමට නොහැකිවීමෙන් හිතෙහි හටගන්නා විස්සෝපයතුලින් හටගන්නා කටුකතම වේදනාවේ "මිහිරියාව" අලුත් වන බවයි මගේ නම් හැඟීම.

විරහ වේදනාවන්ගෙන් තොරවූ සදාතනික සෙනෙහසින් බැඳුනු යුවලකට වුවද, මහා පාලු ශෝකී ස්වරයකින් ගැයෙන මෙම ගීය සවන් වැකෙන විටෙක තමන්ගේ ප්‍රේමය පිළිබඳ වුවද අනියත බියක්, ශෝකයක් ජනිත කිරීමට තරම් සමත් වන අති විශිෂ්ඨතම විරහ ගීයක් ලෙස මගේ ගී මතක පොතෙහි මේ ගීතය ඉතා සුරක්ෂිතව මා තබාගෙන ඇත්තේ එහෙයිනි.

ගීතය ගැන නැවත නැවතත් යමක් කීමට උත්සාහ නොගන්නේ "රාත්තල් තුල අරුක්කාල් ගසා" ඉහත මනරම් ගී විවරණයේ සුන්දරත්වය නැතිකල යුතු නැති නිසාවෙනි. ගීතය පිළිබඳ මගේ හැඟීම, මගේ හදවතට ගීතය දැනුන හැටි පමණක් ඔබට පවසා මම මෙතෙකින් මගේ ලිවීම හමාර කරන්නෙමි. ඉතිරිය මගේ දයාබර බ්ලොග් සහෘදයන්ට බාරයි. එන්න, වෙනද වගේම අපි අපේ අදහස් බෙදාගමු. ඔබට හිතෙන දේ, හදවතට හැඟෙන දේ අකුරු කරන්න මෙසේ අරාධනා කරන්නෙමි..

(ඡායාරූප සියල්ලම අන්තර්ජාලයෙනි.)




64 comments:

  1. අසංක ප්‍රියමන්තගේ අාස කරන අතලොස්සක් ගීත කිහිපය අතරින් එකක්, ඔහු දැන් ගයන ගී බොහෝමය් අදෝනා..

    // අමරණීය වූ ප්‍රේමයක නටඹුන් අතර සක්මන් කරන්නෙකුට මෙම ගීතය ඇසෙන වාරයක් පාසා තමන්ට අහිමි වූ මහමෙරක් තරම් වූ ප්‍රේමය සහ එය පරිස්සම් කරගැනීමට නොහැකිවීමෙන් හිතෙහි හටගන්නා විස්සෝපයතුලින් හටගන්නා කටුකතම වේදනාවේ "මිහිරියාව" අලුත් වන බවයි මගේ නම් හැඟීම.//
    සහතික අැත්ත...

    ජය වේවා!!!

    ReplyDelete
    Replies
    1. තමන්ගේ කාමුකත්වය මත කාන්තාව තක්සේරු කිරීමට යෑමෙන් තමයි මේ ගැටලුව ඇතිවෙන්නේ. ඒකයි ඇත්ත. නමුත් ඔයාලා පිළිගන්නේ නැති කාරනේත් ඒකයි.

      Delete
    2. @ වනිතා
      අවුරුදු නිවාඩුව ඉවරයි වගේ..

      Delete
    3. (@ විදානෙ) ඔව් විදානෙ, ප්‍රියමන්තගෙ ගොඩ ගීත දැන් අඳෝනා තමා. එකම ශෛලියක් තියෙන්නෙ හැම ගීතෙකටම. හැබැයි ඔහුගේ නවතම ගීතය, "ඇතුල් හිතේ හිත පත්ලේ" කියන මවු ගුණ ගීතයනම් උසස් මට්ටමක තියෙනවා කියල හිතෙනවා මට.

      Delete
    4. (@ වනිතා), එතකොට වනිතා, ගායිකාවන් ගයන විරහ ගීත වලදි සිදුවන්නෙ කාන්තාවගේ කාමුකත්වය මත පිරිමියා තක්සේරු කිරීමට යාමද?

      Delete
  2. අත දිග හැරියත් ගිලිහෙනවා..... දුර වැඩි හන්ද......

    ReplyDelete
    Replies
    1. "පවකින් පෙර අත්බවයක සිදු වූ..සිතකින් සිතකට දුක පිරුණා.."

      Delete
  3. මමත් මේ ගීතයට ගොඩක් කැමතියි.අසංග ප්‍රියමන්ත පීරිස් මහත්මයා අපූරුවට මේ ගිතය ගයනවා.ඔයත් කියවන්න ආස හිතෙන විදිහට මේ ලිපිය ලියලා තියෙනවා.සුභපතනවා දිගටම ලියන්න...

    ReplyDelete
    Replies
    1. ස්තූතියි සඳරුවන්.. සාධරයෙන් පිළිගන්නවා ඔයාව මේ පැත්තට. ඇවිත් යන්න එන්න නිතර.

      Delete
  4. මාත් හිතන්නෙ අසංක මග වරද්ද ගත්ත ගායකයෙක්. ඒත් ඔහුගෙ හොදම ගී එකතුවෙන් එකක් තමා ඕක.

    මට හිතෙන්නෙ මේ ගීයෙ විරහවට වග කියන්න ඕන අනෙක් පාර්ශවයයි කියලා.

    ReplyDelete
    Replies
    1. මේ ගීතයේ වැඩි බරක් යෙදෙන්නෙ අනික් පාර්ශවේට තමයි. ප්‍රියා හරි. මං හිතන්නෙ චපල කාන්තාවගේ හැරයාමක් වෙන්නෝනි.

      Delete
  5. ප්‍රියාෙග් කතාව අැත්ත.................. අසංකට ඔයිට වඩා ගමණක් තිබුණා. ඔයිට වඩා තැනක ඉන්න තිබුණා.....

    ReplyDelete
    Replies
    1. ඔවු.. ඔහුට තියෙන හඳ පෞර්ෂය, ගායන කුසලතාවය දිහා බැලුවම ඔහු ඔහුගේ හැකියාවෙන් ගත යුතු ප්‍රයෝජන තාම නිසියාකාරව අරන් නෑ. නිකමට හිතන්නකො ඔහුගේ "පැහැසර අරුණක" ගීතය එහෙම කොච්චර ඉහළ තැනක තියෙනවද.

      Delete
    2. පැහැසර අරුණක… කියන්න වචන නෑ. පස්සෙ කාලෙක කියපු සිංදු ඇහුවම මේ එකම මිනිහද කියලා හිතෙනවා.

      Delete
  6. මාත් කැමතිම ගීයක්..
    ඔය ගීතවලට පසුබිම් වෙච්ච කතන්දර එහෙම මනෝෂ් ගාව නැද්ද...තියනවනං දාමුකො..

    ReplyDelete
    Replies
    1. මොකෝ නැත්තෙ. ඕකනෙ ඉතින් මගේ ප්‍රධාන විනෝදාංශෙ. මං හිතාගෙන ඉන්නෙ මං ලඟ මේ එක්තුකරගෙන ඉන්න ගීත විචාර ටික ඔයාලට දීල ඉවර උනාම ඒ ටික දාන්න. දිගටම රැඳිල ඉන්නකෝ..

      Delete
  7. අසංක ප්‍රියමන්තගේ ගීත තුලින් ඔහුව ඔසවා තබන්නට හේතුවු එක් ගීතයක් තමයි මේක. ප්‍රනීත් අභයසුන්දරව අපිට ඉස්සර ඉස්කෝලේ යන කාලේ හමුවෙනවා මරදානේ ඩොනල්ඩ්ස් එක ගාවදි. අපූරු මිනිහෙක්!! ප්‍රනීත්ගේ පියා ඉතාම දක්ෂ ලේඛකයෙක් සහ මාධ්‍යවේදියෙක්වූ විමල් අභයසුන්දර මහතා.

    ReplyDelete
    Replies
    1. ඔබ හරි. ඔහු ගායන කල අතිවිශිෂ්ඨම ගීතයක් මේක.

      ඒ වගේ උදවිය ඒ විදියට හරි මුණගැහෙන්න තරම් ඔබල වාසනාවන්තයි අරූ අයියෙ. ඒත් අපිට ඒ වාසනාව නෑ. එකම එක වතාවක් ප්‍රනීත් අබේසුන්දර මහත්මයාව මුණගැහුන, ඉස්සර අර තිබුනෙ ඩී.එස්.අයි. සුපර් ස්පෝර්ට් කියල දැනුම මිනුම වැඩසටහනක්, පාඨශාලාන්තර. ඒකට ආව එතුමා අපේ ඉස්කෝලෙට.

      Delete
  8. පෙම්වතා පෙම්වතිය සමග එකවහලක් යට ඉන්නට සිහින දකින්නේ ඇයි? ඔබ එයට දෙන පිළිතුර කුමක්ද? මටනම් පැහැදිලි පිළිතුරක් තියෙනවා. ඒ තමයි පෙම්වතාට තමන්ගේ ලිංගික උවනා එපාකම් සපුරාගැනීමට පෙම්වතිය සමග එකට සිටීමේ මූලිකම අවශ්‍යතාවය වටා මේ සිද්ධිය බැඳී තිබෙන නිසා කියන එක. එතන පෙන්වන්නේ පිරිමියා හැමවිට ගැහැනිය ලවා තම ලිංගික ආශාව තෘප්තිමත් කරගැනීමේ මූලික පරමාර්ථය මත ක්‍රියා කරන බවයි. නැත්නම් පෙම්වතුන්ට එකවහලක් යට නොසිටීම ගැටලුවක් විය නොහැකියි නේද?

    ReplyDelete
    Replies
    1. අනේ මංද වනිතා, ඔයානම් කොහොම හිතන එක්කෙනෙක්ද කියල. මං මේ නිකමට අහන්නෙ, සමහර විට ඔබ පෙම්වතියක් වෙලා නැතිව ඇති කවදාවත් ඔබේ ඔය අදහස් වලට අනුව. ඒ නිසා ඔබ නොදන්නවත් ඇති. පෙම්වතාටත් වඩා එක වහලක් යට එක්තුවෙන්න පෙරුපුරාගෙන ඉන්නෙ බොහෝවිට පෙම්වතිය. එතකොට පෙම්වතියටත් ඕනි තමන්ගෙ ලිංගික අවශ්‍යතා පෙම්වතා ලවා සපුරාගන්නෙක විතරමද? ජීවිතේ කියන්නෙ ලිංගිකත්වය විතරක් නෙවෙයි වනිතා. ඒක ජීවිතේ එක කොටසක් විතරයි.අනික ඔය කියන ලිංගික තෘප්තිය කියන දේ පිරිමියාට වගේම ඒ සමානවම කාන්තාවටත් අදාළයි. ඇයත් එය විඳිනවා. ඒක ඒකපාර්ශවික විඳීමක් නෙවෙයි.

      අනිත් එක වනිතා ඔබ මේ කියන විදියට කාන්තාව හා පිරිමියා ජීවත් විය යුතු ආකාරය ගැන ඔබගේ අදහස ගැන අපිට තවම හොඳ අවබෝධයක් නෑ. මං ඒක විස්තරාත්මකව ඔබෙන් මීට කලිනුත් අහල තියෙනවා. නමුත් ඔබ ඒකට පිළිතුරු දීම මඟඇරියා. අමතකනම් ඔබේම බ්ලොග් එකට අදාල මෙන්න මේ ලින්ක් එකට ආයෙත් ගිහින් බලන්න. මේ වතාවෙවත් ඔබෙන් පිළිතුරක් බලාපොරොත්තුවනවා.

      http://sondhuruliyakamahima.blogspot.com/2014/03/blog-post_8.html?showComment=1395808017322#c188722912444139373


      Delete
    2. මෙයා යන යන තැන නානවා බං. නිකන් නෙමේ උඳුරගෙන නාන්නෙ.

      @ වනී ~ බබා, ඔයා කියන්නෙ එතකොට ගැහැණියට ලිංගික උවමනා කියන ඒවා ඇත්තෙම නැත්ද? මාරයිනෙ. :o

      Delete
    3. කියල වැඩක් නෑ බං. අනිත් එක ප්‍රශ්නයක් ඇහුව ගමන් ආයෙ ඒකට උත්තරයක් නෑ. පැනල යනවා. ආයෙ එන්නෙ මාස ගානකින්. ඊළඟට ආයෙත් එකම දේ කියවනව මුල ඉඳල.

      Delete
  9. මේ වනවිටත් සාර්ථකව අපි අපේ බ්ලොග් දර්ශකයට බ්ලොග් පිටු ඇතුලත්කරමින් සිටිනවා. ඔයාලත් දන්න බ්ලොග් අඩවි තියෙනවනම් අප වෙත ඉදිරිපත් කරන්න දර්ශකයට ඇතුල් කරන්න. අපේ බ්ලොග් දර්ශකය වෙත පිවිසෙන්න.

    http://blogdharshakaya.blogspot.com/

    ReplyDelete
    Replies
    1. ඔබ කරන මේ සේවාව, ආධුනික සහ ප්‍රවීණ සිය්ලු බ්ලොග් කරුවන්ට ඉමහත් ප්‍රයෝජනයකි. ඒ නිසා අපි ඔබට ඉතා කෘත්ඥ වන්නෙමු. මම ඔබගේ දර්ශකය පරීක්ෂාකර බැලුවෙමි. මගේ බ්ලොග් එක එහි නොතිබූ බැවින ඒ සඳහා ඉල්ලීමක් ඔබගේ ඊ ලිපිනයට යොමුකලෙමි. මගේ අඩවියත් ඔබේ දර්ශකයට එකතුකල හැකිනම් මම ඉතා ස්තූතිවන්ත වන්නෙමි.

      Delete
    2. ඔන්න මම ඔබගේ බ්ලොග් පිටුව ඇතුල් කළා, දැන් බලන්න එහි ත් එය තිබෙනවා.

      Delete
  10. අසංකගේ සිංදු අහන්න ඒ කාලේ පුරුදු වුනේ මේ සිංදුවත් එක්ක.. ඇත්තටම ඒ වචන හිතට ඒ තරමටම දැනුනා ඒ කාලේ නම්..

    ReplyDelete
    Replies
    1. මේ ගීතයේ හැම වචනයක්ම මහ පුදුම විදියට හිතට වදිනවා තමා දිනේෂ්. හරිම අපූරු ගීතයක් මෙය.

      Delete
  11. දැන්නං මිනිහගේ සිංදු අහන්නෙම නෑ. ඒත් ඒ කාලේ මං කැමති සින්දුවක් තමා මේක...

    ReplyDelete
    Replies
    1. හැමෝම කියන්නෙ ඔය කතාවමයි දේශක. මේ ගායකයා තමන්ගෙ හැකියාවෙන් නිසියාකාරව ප්‍රයෝජනයක් ගත්තනම් ඒක සමාජෙට ගොඩක් වටිනවා. ඔහුගේ අලුත් ගීතයනම් තරමක් හොඳයි. තාම ඇහුවෙ නැත්නම් මෙතනින් ඩවුන්ලෝඩ් කරගෙන අහල බලන්නකො.

      http://www.ananmanan.lk/free-sinhala-mp3/song/4398/athul-hithe-asanka-priyamantha-peiris-sinhala-mp3.html

      Delete
  12. පට්ටයි.............
    මං අසංකගෙ ආසම සිංදුවක්...
    අර වනිතා මගුල කියවන ඒව ගනන් ගන්න එපා.......
    එයාට මොකක් හරි අවුලක් තියේ.....
    ජයවේවා

    ReplyDelete
    Replies
    1. එයා කියන ඒවට කටවහගෙන ඉන්න හිතෙන්නෙත් නෑ මහේෂ්. ඔයිට කලිනුත් මං අර දැම්ම "මා එක්කලා අමනාපව වී දබර" ගීතයටත් ඔය විදියෙ කමෙන්ට්ස් දාල තිබුන එයා.

      Delete
    2. එයා අපෙන් අල්ලන්නෙ එයාගෙ පරණ ඇරියස් බං. ඔන්න ඕවා ගනණ් ගන්න එපා.

      Delete
  13. ලස්සන සිංදු ටිකක්.. කොච්චර ඇහුවත් එපා වෙන්නේ නෑ.

    ReplyDelete
    Replies
    1. ඔබේ රසවින්දනය මාගේ ජයග්‍රහණයයි!

      ස්තූතියි..

      Delete
  14. අසංගගෙ පරණ සින්දුවලට මාත් හුඟක් ප්‍රිය කරනවා... මේකෙ සඳහන් කරල තියෙන අනිත් සිංදුත් අහන්න ආසා කරන ඒවා...
    ඒ කාලෙ නම් ප්‍රණීත් අභයසුන්දරයන්ව නිතර මුණ ගැහෙනවා... හරිම හොඳ මනුස්සයෙක්... ඉස්සරම කුමරි පත්තරේට නව කතාවක් හරි කෙටි කතා හරි ලිව්වා කියල මතකයි... දැන් නම් එහෙම ලියන්නෙම නැද්ද මන්දා... ඒ කාලෙ පත්තරේ පලවුනු පින්තූරෙත් එක්ක ඇත්තටම මනුස්සය දැක්ක දවසෙ අදහගන්න බැරිවුනු හැටි මතක් වෙනකොට හිනත් යනවා... අර පින්තූරෙ හිටිය කෙනා බොහොම හීන්දෑරි පුද්ගලයෙක්... ඒත් ඇත්තටම දකිනකොට එහෙම නෑ... :D

    ReplyDelete
    Replies
    1. ලංකාවෙ ජනමාධ්‍ය විසින් මේ සුන්දර නිර්මාණකරුවන් ගොම රිටි අස්සෙ හංගල. මිනිසුන්ට එපානම් අපිට මොක්ද කියල මේ නිහතමානි පරපුරත් හැංගිලා. මං දන්නව, තව ටික කාලෙකින් ඉතුරුවෙලා ඉන්න අතලොස්සත් මැරිල ගියාම ආයෙ රසවිඳින්න දෙයක් ඉතිරිවෙන්නෙ නෑ ලංකාවෙ.

      Delete
    2. @ මියුරු....මගේ (කෑල්ල ) වෙන්න වයිෆ් එක්ක ඒ කාලේ කොටුවක් පැන්නා පිලියන්දල සැන් මිචෙල් එකට. එදා රෑම ප්‍රණීතුයි නයනායි එහේ ඇවිත් හනිමූන් වලට. නයනා මට මතක හැටියට මගේ වයිෆ්ගේ ඉස්කෝලේ. මේක මතකයක් විතරයි. වයිෆ් වැඩට ගිහින් අහගන්න විදිහක් නැහැ.

      Delete
    3. මං නයනව දැක්කෙ මොකක් හරි උත්සවයකට ගිය දවසක එයාලගෙ දුවට බත් කව කවා ඉන්නවා... එතකොට දුව ගොඩක් පුංචියි... එයාව දැකපු වෙලාවෙ ඉඳන් මට මතක් උනේ ඒ කාලෙ ජනප්‍රිය වෙලා තිබ්බ 'මම නම් ආසයි අහන්න නයනා' සිංදුව... මං ඉතින් සිංදුවත් මතක් කර කර නයනා දිහා බල බලා ඉන්නකොට ඒ මනුස්සයා මගේ දිහා බලනවා, මෙච්චර මේ එයාගෙ දිහා බලන්නෙ මේ ගෑණිට පිස්සුද කියන්න වගේ...
      ඔය මිචෙල් එක මාර ලස්සන තැනක් නේද අරූ... :D

      Delete
    4. සැන් මිචෙල් හෝ මිශෙල්...හැබැයි මියුරු ඒක San . මට එතැන ගැන රසවත් මතක ගොඩාක් තියෙනවා. මම හෙමින් ලියන්නම්.

      Delete
    5. කට්ටිය සොඳුරු මතක සැමරුම් අතර තනිවෙලා වගේ. හොඳයි හොඳියි.. ඔයාලගේ මේ මතක සැමරුම්, මේ අදහස්, මේ කතාබහ තවත් වර්ණවත් කරනව මගේ බ්ලොග් එක. (මං මැදින් පැන්නවත්ද මංද.)

      Delete
  15. ඒ කියන්නේ මේ උඩින්ම තියෙන විචාරේ යසනාත් ධම්මික බන්ඩාර ලියපු එකක්ද?

    කොහොම නමුත් ඒ කියන විදිහට "අසංග ප්‍රියමන්ත පීරිස්, මඟ වරදාගත් ගායකයකු වුවද" අසංගගේ ගොඩක් ගීත අඩෝවැඬියා ඒ අතරින් එකක් දෙකක් තියෙනවා ආසාවෙන් රසවිඳින්න පුලුවන් ඒවා . .

    ReplyDelete
    Replies
    1. ඔව්..ඔව්.. ගීත විචාරය ධම්මිම බංඩාර මහත්මයාගෙ තමයි.

      අනිවාරෙන්ම. ඔහු ගයපු විශිෂ්ඨ ගනයේ ගීත අතලොස්සක් තියෙනවා. ඔහු මෑතකදි ගයපු ඇතුල් හිතේ හිත පතුලේ ගීතය, පැහැසර අරුණක වගේ ගීත ඉහළම මට්ටමක තියෙනවා. ඒ තමයි ඔහු මඟ වරද්ද ගත්ත කියන්නෙ. ඔහු හරි පාරෙ ආව. ඒත් මඟ වරද්දගෙන.

      දුකාව ඉතාම සාධරයෙන් පිළිගන්නව මේ පැත්තට.

      Delete
  16. ඉතාමත් හොද ලිපියක් සහෝ
    "චේතනා පරිශුද්ධ වූ වත්
    පෙම් සටන් පරදී
    අසාධාරණ හැගුම් කැටිවුණු
    කුරිරු මිනිසුන් වෙසෙන ලෝකෙක
    මන් මේකට ආසයි "

    ReplyDelete
    Replies
    1. ඉතාම සාදරයෙන් නාට්‍යකාරයාව පිලිගන්නව මේ පැත්තට. දිගටම එන්න කියවන්න. ඔබ කැමතිවෙයි ලිපි පෙළට.

      Delete
  17. මගේ ප්‍රියතම ගීතයක් මනෝෂ් මේක..

    මම හිතන්නේ ඔහු ගීය අවසන් කල තැන තමයි හිතට වැඩියෙන්ම වදින්නේ..ඒ පේලි දෙක දැනෙන හැටි කියන්න වචන නෑ ඇත්තටම..ඔහු ඒ විරහී හැඟීම උපරිමයට ගෙනත් නවත්තනවා කියලයි මට හිතෙන්නේ...ඒක සංවේදී කම හිතට බොහෝම තදට දැනෙනවා..

    "මගෙ අත දිගු කළ හැකි හැම තැනදී
    ඔබ අත මා දුරකින් තිබුණා..."

    ReplyDelete
    Replies
    1. ඔබ මගේ අතීතයට එකතුවෙච්ච ලිපි අතරටත් එකතුවෙලා. ඒ විතරක් නෙවෙයි කියවල අදහසකුත් එකතුකරනවා. ඇත්තෙන්ම බොහෝමත්ම ස්තූතියි. ඒ වගේම ඉතාම සාදරයෙන් පිළිගන්නවා ඔබව.

      Delete
    2. සමහර වටිනා කියන දේවල් හොයාගන්න අතීතයට එබිලා බලන්න වෙනවා මනෝෂ්..:)

      Delete
  18. cartoon animator farooqpc Thanks for this post, I really found this very helpful. And blog about best time to post on cuber law is very useful.

    ReplyDelete
  19. microsoft office khokharpc Thanks for sharing such great information, I highly appreciate your hard-working skills which are quite beneficial for me.

    ReplyDelete
  20. I really enjoy reading your post about this Posting. This sort of clever work and coverage! Keep up the wonderful works guys, thanks for sharing ESET NOD32 Antivirus Crack

    ReplyDelete
  21. Adobe XD CC Crack is an impressive application for designing websites for the mobile and desktop platforms. With Adobe XD CC 2020, anyone can create frames, high-fidelity interactive prototypes, and design applications and websites.

    ReplyDelete
  22. This is a fantastic blog! Your website is also very quick to load!
    What kind of web host are you using? Is it possible for you to send me your affiliate link for your web host?
    I wish my website was as quick to load as yours.
    rhinoceros crack
    reaktor crack
    adobe premiere crack
    iobit malware fighter pro crack

    ReplyDelete
  23. They say that the Devil works hard. Everyone’s wrong. You work harder. We’re so proud of you.

    defraggler crack key
    wondershare uniconverter crack
    earthview crack

    ReplyDelete
  24. Your refreshing take on accomplishing our team goal makes it an absolute pleaser to work with you! Keep the imagination flowing.

    39. I think I have nev

    gameex crack
    progdvb crack
    loaris trojan remover crack

    ReplyDelete
  25. Here at Karanpccrack, you will get all your favourite software. Our site has a collection of useful software. That will help for your, Visite here and get all your favourite and useful software free.
    karanpccrack
    Editplus Crack

    ReplyDelete
  26. Wick church gardeners win another award from major UK company with this beautiful flower. By David G Scott. - david.scott@hnmedia.co.uk.webstorm crack
    typing master pro crack
    vso convertxtodvd crack
    mackeeper crack
    teamviewer crack with torrent



    ReplyDelete