Pages

Sandumal

Sandumal

Friday, March 28, 2014

•ඇය යන්න ගියා මැකිලා

"ගී ගයමින් හිඳ මා තුරුලේ ඇය යන්න ගියා මැකිලා..."







විප්‍රලම්භ ශෘංගාරය වූ කලී අතීතයේ සිටම රසිකයාගේ ඇටමස් නහර සිඳ කම්පනයෙන් ප්‍රකම්පනයට පත්වන්නාවූ සාහිත්‍ය රසයකිකාව්‍යනාට්‍ය ආදී කුමන ආකාරයේ කලා කෘතියක වුවදවිප්‍රලම්භ ශෘංගාරය ගැබ් වූ කල්හි එය රසික හදවත් සසල කරවයිසංගීත නිර්මාණයකදී එය තව තවත් ප්‍රබල බවට පත්වෙයි.

ගුවන් විදුලි ගීත බොහෝමයක  මේ විප්‍රලම්භ ශෘංගාරය හෙවත් වෙන්වීමේ දුක හඟවන නිර්මාණ ඇසෙන්නේ කලානිර්මාණ ලෙස නොව විලාපයන් ලෙස  මරළතෝනි අතර හදවතේ සියුම් තැන් සසල කරවන නිර්මාණයක් ලෙස සුනිල් සරත් පෙරේරා විසින් රචනා කරන ලද අමරසිරි පීරිස් ගයන ඇය යන්න ගියා නැමැති ගීය හඳුන්වා දිය හැකි .

ප්‍රියයන්ගෙන් වෙන්වීම දුකක්  එය සදහට  වෙන්වීමක් වූ විට  වේදනාව තවත් ප්‍රබල වෙයිරචකයා මෙහි දී ප්‍රතිනිර්මාණය කරනුයේ එබඳු සදාකාලික වෙන්වීමකි වියෝව කලාත්මක  ඉදිරිපත් කරනු පිණිස රමණීය පරිසරයක් පිළිබඳ චිත්‍රයක් කවියා විසින් මවනු ලබයි.


"ඇය යන්න ගියා මැකිලා
වන සිරසක තුරු සෙවණැලි අතරේ
ගී ගයමින් හිඳ මා තුරුලේ
 යන්න ගියා මැකිලා..."


ප්‍රේමයේ සම්ප්‍රයෝගය අත්විඳිද්දී ඔවුන් ගතකළ සුන්දර නිමේෂයන් දෘෂ්‍යගෝචර අයුරින් රචකයා මෙහිදී ඉදිරිපත් කර තිබේමේ මැකීයාම ඇය මෙලොවින් සමු ගැනීමක් බව රචකයා සංකේතවත් කරයි.


"පිණි කඳුළක් මල් පෙති අග රඳවා
මීදුම් සළුවෙන් මුහුණ වසා..."


සුදු රෙදිකඩකින් ඇගේ මුහුණ වසා දැමීම රචකයා දකිනුයේ මිහිදුම් සළුවකින් මුහුණ වැසීයාමක් ලෙසයිවනසිරස තුරු හෙවණැලි පිණි කඳුළ මල්පෙති ආදී යෙදුම් ප්‍රේමයේ සෞන්දර්ය චිත්‍රණය කිරීම සඳහා රචකයා ඉවහල් කරගෙන තිබේ.

මට මේ සමඟ  සිහියට නැඟෙන්නේ සිරී ගුණසිංහයන්ගේ පද්‍ය නිර්මාණයකිඇතැම් විට සුනිල් සරත් පෙරේරා උත්තේජනය ලබන්නේ මේ පද්‍ය නිර්මාණය රස විඳීමෙන් විය යුතුයඑහෙත් පද්‍ය නිර්මාණයේ ඇති ගොරෝසු බව මේ ගී පද රචනයෙහි දැකිය නොහැකි පාඨක ඔබගේ වින්දනය පිණිස සිරිගුණසිංහයන්ගේ පද්‍ය පන්තියේ කොටසක් ඔබ ඉදිරියේ තබමි.


"මා හැරදා දර දඬුකොට දා මා අත්පා
ඇය යන්න ගියා මැකිලා
සැමරුම් වග වලසුන් රෑනට
මා ගොදුරක් වී
ලේ ගලනා ගොදුරක් වී
කාලයෙ ගන අඳුරෙන් වැසුණත්
සෙලවෙන හදවත පහනේ සිළුවෙන්
 ගත දිලිසෙයි
දෑසට දිස් වෙයි
ගොරහැඩි ගල්ගෙඩි අතරින් 
සීතල දිය ඉරක් සේ
ගලා බසී හද තෙමා බසී"

(සිරි ගුණසිංහ)


ඇය ඔහු සමඟ ජීවත් වූ කාලයේ ඔහුගේ ජීවිතය චමත්කාරයට පත්කොට තිබේමේ මොහොතේ පවා ඔහුට එය ආදරයෙන් සිහිපත් කළ හැකි කඳුළු අතරින්  පැහැබර අතීතයේ සොඳුරුතම සිදුවීම් ඔහුට මෙනෙහි කළ හැකි .


"නිල්ල නිලන නිල් කඳුවැටි අතරේ
සඳ එළියේ මං පෙත පාදා
රහසක් සඟවා ගොළු වූ හදකින්
යන්න ගියා මැකිලා..."


ජීවිතයේ මිනිසුන්ට මුහුණ දීමට සිදුවන අනපේක්ෂිත අභාග්යයන් අපරිමිත මෙය  එබඳු අනපේක්ෂිත වූ අභාග්‍යයක්  බව රචකයා දැනුවත් කරයිස්වභාව ධර්මය හා බැඳුණු උත්ප්‍රේක්ෂාලංකාරයන් යොදා ගනිමින් රචකයා තම සංවේදනා සනිටුහන් කරයි.


"යළි කවදාවත් හමු නොවනා බව
මඳ පවනක් හිස අතගා කීවද
අදහා ගන්නට නොහැකිය කිසිවිට
යළි නොඑතැයි ගිම්හානෙට පෙර"


මේ ගීතයේ පද මාලාවේ ඇති ශෝකී රසය මෙහි සංගීතය සමඟ මැනවින් බද්ධ කර ගැනීමට එච්.එම්ජයවර්ධනයෝ සමත් වෙතිඇතැම් විට ඔහුට මේ අත්දැකීම දැඩි  දැනෙන්නට ඇත්තේ තම ප්‍රියාදර බිරිය වූ මාලනී බුලත්සිංහලයන් ගේ වියෝව ආසන්නයේ මේ තනුව නිර්මාණය වන්නට ඇති බැවිනිඑබඳු ඉතිහාසයක් මේ ගීය සතුව පවතින නමුත් එවැනි දුක්බර තැන් හාරා අවුසන්නට මම උත්සාහ නොකරමි.


"පෙමතො ජායතී ශෝකෝ"

ප්‍රේමය හැමවිට  ශෝකයම උපදවයි යන අනිත්‍ය ධර්මතාවය  නිර්මාණය පුරා අන්තර්ගත .

මේ ගීතයට රචකයාසංගීතඥයා මෙන්ම මෙය සුගායනය කළ අමරසිරි පීරිස් උපරිම සාධාරණය ඉටු කර තිබේ.

මේ විරහව භුක්ති විඳින්නා තුළ පවතින ආත්මීය වේදනාව අමරසිරි තම හඬ පෞර්ෂ්‍ය ඔස්සේ මනා  ප්‍රතිනිර්මාණය කරයිඑය වෙණ තතක් සේ හදවත සියුම් ලෙස ස්පර්ශ කරයි.

හඳ එළියෙන් නැහැවුණු කඳුවැටිවල දෝංකාරය දෙමින්පිණි කඳුළු සිපගත් මඳ සුළඟේ දැවටී එන  විරහ වේදනාවවන සිරසක තුරු සෙවණැලි අතරින් ගලා ගෙන පැමිණ හදවතේ ගැඹුරුම තැන ලැගුම් ගනියි.



"ඇය යන්න ගියා මැකිලා
වන සිරසක තුරු සෙවණැලි අතරේ
ගී ගයමින් හිඳ මා තුරුලේ
ඇය යන්න ගියා මැකිලා
පිනි කඳුළක් මල් පෙති අග තවරා
මීදුම් සළුවෙන් මුහුණ වසා

නිල්ල නිලන නිල් කඳුවැටි අතරේ
සඳඑළියේ මං පෙත පාදා
රහසක් සඟවා
ගොළු වූ හදකින්
යන්න ගියා මැකිලා
ඇය යන්න ගියා මැකිලා

යළි කවදාවත් හමු නොවනා බව
මඳ පවනක් හිස අතගා කීවද
අදහා ගන්නට නොහැකිය කිසිදින
ඇය යළි නොඑතැයි ගිම්හානෙට පෙර

ඇය යන්න ගියා මැකිලා
පිනි කඳුළක් මල් පෙති අග තවරා
මීදුම් සළුවෙන් මූණ වසා"


(Eya Yanna Giya Mekila - Amarasiri Peries)










උපුටා ගැනුම : සිඵමිණ පුවත්පතෙහි පුන්කලස අතිරේකය සඳහා ධම්මික බණ්ඩාර මහතා විසින් ලියන ලද ලිපියකිනි.



***************************************************************************

මා දයාබර බ්ලොග් පාඨක මිතුරු, මිතුරියනි,

මෙම ගීතය මගේ හදවතේ ගැඹුරුම තැන් ස්පර්ශ කල අති සංවේදී ගීතයක් ලෙස මගේ සිත්ගත් ගීත ගොන්න අතර අමරණීයව පවතින ගීතයක්. මෙවැනි අත්දැකීමක් පුද්ගලිකව විඳදරාගැනීමට තරම් මගේ දෛවය අවාසනාවන්ත නොවන මුත්, මෙය මට සිද්දවුනානම් කියන දුක්බර සිතිවිල්ල මත මෙය මගේ අත්දැකීමක් කරගෙන මම මේ ගීතය අනේකවාරයක් රසවිඳ ඇත්තෙමි. මළගමකින් පසු පවතින අඳුරු මූසල පාළු ශෝකී ස්වභාවය මේ ගීතය අසන සෑම මොහොතකම මා හට ප්‍රබලව සජීවීව හදවතට දැනේ. 

ඔබත් ගීතය රසවිඳින්න. සඳ පායපු රෑක ඔබ තනිවුන මොහොතක ඉතාම නිහඬව සඳ එළියෙන් නැහැවුන මද සුළඟට සෙලවෙන තුරු මුදුන් දෙස බලාගෙන මේ ගීතය රස විඳින්න. ඔබේ ළබැඳි සෙනෙහෙවන්තිය ඔබ තනිකර මෙලොවින් සමුගත් දා හැන්දෑව මේ යැයි සිතා ගීතය රසවිඳින්න. ගහකොල සිප එන සීතල සුළඟ ඔබේ ගත දැවටෙන විට ඔබට දැනෙන හැඟීම වචනයෙන් විස්තර කල නොහැකි වේවි ඔබට.

මේ ගීතයේ මා වඩත්ම සංවේදී කොටස තමා මේ..

"යළි කවදාවත් හමු නොවනා බව
මඳ පවනක් හිස අතගා කීවද
අදහා ගන්නට නොහැකිය කිසිදින
ඇය යළි නොඑතැයි ගිම්හානෙට පෙර..."

"ඇය ගිහින්.. මං කොච්චර බලන් හිටියත් ආයෙ එන්නෙ නෑ ඇය.. මං තනිවෙලා.."










2 comments:

  1. මං ආසම කරන ගීයක්...
    අගේ ඇති විවරණයක්..

    ජය වේවා!!

    ReplyDelete