Pages

Sandumal

Sandumal

Monday, January 6, 2014

•අඳුරු කුටිය තුළ

"වැඩ කරන ජනතාව වෙනුවෙනි"

හැත්තෑව දශකයේ මතු වූ සිංහල ගීත අතර අමරණීය ගීතයක් ලෙස අඳුරු කුටිය නැමැති ගීතය හඳුන්වා දිය හැකි . මේ ගීතය එකල සරල සංගීතයේ පැවැති ආකෘතිය පුපුරවා හළ ගීතයක් විය. සංගීතයට වඩා මිනිස් හඬෙහි ඇති බල පෞරුෂය මේ ගීතයෙන් සමාජගත විය. එහෙත් මේ සියල්ල අබිබවා නැඟී සිටින්නේ මේ ගීතයෙන් මතුවන සමාජ යථාර්ථයයි.

මේ ගීයට පසුබිම් වන්නේ රවින්ද්රනාථ තාගෝර් ගේ ගීතාංජලියෙහි අන්තර්ගත පද්යයකි. එහෙත් පද් අනුකරණය නොකරන රචකයා එය පොදු ජනතාවගේ ගීතයක් බවට පත් කරනු ලබයි. මේ ගීයෙහි දිවෙන පදමාලාව, කවිතා ගුණය හා ගේයතා ගුණය රැකගත් නිර්මාණයක් වන්නේ එබැවිනි.

අඳුරු කුටිය තුළ
දොරගුළු ළාගෙන
ගයන ගීතිකා යදින යාතිකා
දෙවියන් හට නෑසේ..."

දෙවියන් අදහන මිනිසුන් සමඟ ගැටලුවක් මේ තේමාව මඟින් ඇති කර ගැනීමට අවශ් නොවේ. දෙවියන් ඇදහීම හෝ නොඇදහීම මානව අයිතියකි. එහෙත් කම්කරුවාට මේ තුළ දෙන්නෙ අනල්ප වටිනාකමකි.

තිරයේ රඟන මිනිසුන්ට අප්රමාණ ප්රේක්ෂකයෝ සිටියි. එහෙත් තිරය පිටුපස සිටින්නෝ තිරයෙන් වැසී යති. කම්කරුවා
ඇතැම් කලාකරුවන් මෙන් තිරයෙන් වැසී යන්නකි. මේ සමඟ තවත් පදමාලා කීපයක් මගේ මනැසට ගලා එයි.

"අව්වට වැස්සට හුරු මිනිසුන්නේ
දෑතේ විරියෙනි රටවල් හැඳුණේ
මිනිසුන්ගේ මළගම වෙනුවෙන්
මොන රජ මැදුරෙද සුදු කොඩි නැගුණේ"
(රඹුකන සිද්ධාර්ථ හිමි)
ගීතය මෙතනින් download කරගන්න​..



"අපේ ශ්රමය කළුගල් වී බිම වැතිරෙනවා
රන් දාදිය තාර වෙලා බිමට ගලනවා
මැති උතුමන් නමින් පාරෙ කඩුළු ඇරෙනවා
පාර අයිනෙ අපි සැමදා බලා ඉන්නවා"
(ගායනය - එඩ්වඩ් ජයකොඩි)




මේ තරම් සියුමැලි කලුගල්
හිතන්නටවත් බැරි නිසා
මම ගියා අවුකන බුදුන්ටත්
දෑස දුන් මිනිසා සොයා"
(රජීව් වසන්ත වෙල්ගම(ගායනය - සුනිල් එදිරිසිංහ)
ගීතය මෙතනින් download කරගන්න​..



කම්කරුවා අහිංසකයෙකි. පාණ්ඩිත්යයෙන් තොර වූවකි. එහෙත් ඔහු මිනිසෙකි. මේ මිනිසා කඩේ යැවීම පහසු . කම්කරුවෝ දෙවිවරු නොවෙති. දෙවිවරු පාලකයෝ . නිල දරුවෝ . ඔවුන් ලබා උපන් හැටි . මේ මොවුන් ලබා උපන් හැටි . කම්කරුවාට පාලකයෙක් විය නොහැකි වන්නට පුළුවන. බලධාරියෙන් නොවන්නට පුළුවන. කම්කරුවන්ට දේවත්වය ලබාදිය යුත්තේ ඔවුන් අන්දන්නට නම් එය සාහසික අපරාධයකි. එවිට මඩ සෝදාගත් කළ ගොවියා රජකමට සුදුසුයි වැනි පපඩම් වර්ණනාවක් අද අපට අනවශ් . එහෙත් රචකයා මේ කුහකත්වය ජය ගනී. ඔහුගේ ව්යංග්යාර්ථ පූර්ණ භාෂා ප්රාතිහාර්යයෙනි. පහත සඳහන් පෑ පේළිය සඳහා කදිම නිදසුනකි.

බලන් කඩ තුරා හැර දැසේ

කඩතුරා පහ කළ විට යථාර්ථය සඳ + එළිය සේ දිළිසේ
මේ කියන දෙවියෝ සළු පිළි පැලැඳ නොමැත. ඔවුන්ගේ සළු පිළි දූවිලි . එහෙත් දූවිල්ලෙන් උපදින්නේ අනාගතයට පාර තනන දෙවියෙකි.

සිනිඳු සුවැති සළු සිරසින් හැරදා
දූවිලි මඩ වැකි පිළිගත පලඳා
දෙවියන් රුව දක්නට හැක්කේ"

මේ ගීතයෙහි මහා ප්රාතිහාර්යය කරන්නේ සංගීතඥයා . වැඩ කරන මිනිසාගේ කර්ණ කඨෝර ස්වරය මිනිස් හඬ මඟින් මතු කිරීමට කේමදාසයෝ මහගු වෑයමක යෙදෙති.

මහා දුක් කන්දරාවක් අත්විඳිය, කම්කරුවා ගේ හද ගැහෙන රාවය කේමදාසයෝ සංගීතය හා මිනිස් හඬ සමඟ සංකලනය කරති. එය සාමාන් සරල ගීතයේ සීමාව සමතික්රමණය කරන්නකි. එසේ මේ දෙවියන් හා එක්විය හැක්කේ නිකමුන්ට නොව වැඩ කරන මිනිසුන්ට බව රචකයා පවසයි.

එය ශ්රමය හා ශ්රමිකයන් වෙනුවෙන් පුදන සැබෑ (සැබෑ) මල් මිටකි. එහෙත් මේ සියල්ල දැකීමට නම් දෑසෙහි බැඳි කඩතුරාව ඉරා දැමිය යුතු . කුමන ගී රචනා කළ අදත් මේ සැබෑ දෙවියා ආව තේව කාරයෙකි. දෙවියන් සිටින්නේ අදත් දෙවියන් සිටින තැන්වලම . කඩතුරාව අදත් ඉවත් වී නොමැත. සුන්දර ගීයක දේවත්වය ලබන වැඩ කරන ජනතාව අදත් සිටින්නේ දේවාලයේ කුණු බක්කියේ බව වරක් දෙවරක් නොව තුන් වරක් කියමින් නවතිමි.

      



උපුටා ගැනුම : සිඵමිණ පුවත්පතෙහි පුන්කලස අතිරේකය සඳහා ධම්මික බණ්ඩාර මහතා විසින් ලියන ලද ලිපියකිනි.

"කියවල ඉවර වෙලා අදහසක් එකතු කරලම යන්න.. "

No comments:

Post a Comment